18.කොටස

2.5K 319 97
                                    

දෙයියනේ මගෙ කොල්ලා... බැල්කනි එකේ දොරට පිට දීලා ඔළුව දොරට තද කරගෙන ඇස් දෙකේ කදුළු පුරවන් මං දිහා බලන් ඉන්නවා...

*
*
*

"අ..අම්මේ...මං පස්සෙ ගන්නම්....."

"ටිකක් හිටපන් ලොකු පුතේ...."

"අම්මේ...කිව්වම අහ්න..............."

"උබට දැන් අම්මගෙ එක වචනයක් අහන් ඉන්න බැරිද පුතේ....?

ඇයි අම්මේ ඔයා මාව මෙහෙම අසරණ කරන්නෙ...? මං මගෙ කොල්ලගෙ කදුළු පිරුණු ඇස් දෙක දිහා බලන් එයා ලගට ගියා.....

"හරි කියන්න අම්මෙ..."

මං එහෙම කියලා මගෙ මැණික ලගට ගිහින් ඒ ඇස් දිහා බලාගෙනම එයාගෙ සිනිදු කම්මුලකට අත තියාගත්තා....

"මට විශ්වාසයි පුතේ...මට උබව විශ්වාසයි මගෙ පුතා එහෙම දෙ......................."

"මං එයාට ආදරෙයි අම්මේ.... "

මං කිව්වා අම්මට... තවත් හංගන් බෑ මට.... තව එක දවසක්වත් හංගන්න ඕනෙ නෑ මට.... මං අම්මට ඒක කිව්වෙ එයාගෙ ඇස් දිහාම බලාගෙන..... එතකොටම ඒ ඇස් දෙකෙන් මෙච්චර වෙලා එළියට පනින්න බලන් හිටපු කදුළු බිංදු දෙකක් ඇස් අගින් කඩන් වැටෙද්දි මං එයාව මගෙ පපුවට තුරුල් කරගත්තා.... මේ මගෙ හුස්ම......

"ප්..පුතේ........ම්.. මං දන්නවා පුතේ... මගෙ පුතා සහෝදරයෙක්ට වගේ ඒ දරුවට ආදරේ ඇ......................"

"නෑ අම්මේ.... සහෝදරයෙක් වගේ නෙමෙයි..... මගෙ අප්පච්චි අම්මට ආදරේ කරනවා වගේ.... මගෙ අම්මා අප්පච්චිට ආදරේ කරනවා වගෙ මගෙ කොල්ලට, මගෙ බෝබෝට මං පපුව පැලෙන්න තරම් ආදරෙයි අම්මේ.... ඒ ආදරේ ගැන වචනයකින්වත් අහිතක් හිතන්න එපා අම්මෙ... එයා කොල්ලෙක් තමයි.... ඒත් අම්මගෙ ලොකු පුතාට හුස්මක් තරමටම හදවතට දැනුන එකම කෙනා එයා...."

මං එහෙම කියද්දි එයා තව තව තදින්ම මගෙ පපුවට තුරුල් වෙලා තොල් මගෙ පපුවට තද කරන් අඩනවා....

"අ..නේ පු..තේ උ..බ මේ..... මොනවද දරුවො කියන්නෙ.....?"

"දැන් ෆෝන් එක තියන්න .... පුළුවන් නම් මාව තේරුම්ගන්න මගෙ අම්මේ..... මං තව දවස් තුන හතරකින් ඇවිත් යන්න එන්නම්...."

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now