13.කොටස

2.6K 380 125
                                    

පැයක් විතර නාලා ටවල් එකත් ඉනට ඇදගෙන වොශ්රූම් එකෙන් එළියට  එද්දි ඇද උඩ හිටපු කෙනා දැකලා මගෙ ඇස් දෙක උඩ ගියා... මෙයා මොකද මගෙ කාමරේ කරන්නේ.....

*
*
*
*
මගෙ හිතුවක්කාරයා.... නාලා දණ හිසෙන් ගොඩක් උඩට බොක්සර් එකක් වගෙ කොට ශෝටක් ඇදලා ලොකු දිග ටීශර්ට් එකකුත් ඇදලා පස්ස උඩ දාගෙන ඇදේ නිදි... සුදු  කකුල් දෙකත් එළියෙ දාගෙන  ඉන්නෙ මාව අවුස්සන්නද....? ඇත්තටම නිදිදි.... බොරුවටද දන්නෙ නැ.... ඒත් මම ලගට ගියෙ නැ.... අමාරුවෙන් එයාගෙන් ඇස් අහකට අරගෙන අල්මාරිය ලගට ගිහින්  සරමක් අරගෙන ඇදගත්තා... ඒකටම සැහැල්ලු  ටීශර්ට් එකකුත් ඇදගෙන ආයෙත් එයා දිහා බලලා කාමරෙන් එළියට ගියෙ දොරත් වහගෙන....

එයා දවල් වැඩිය කෑවෙ නැ... තවම හවස නිසා මං කිචන් එක පැත්තට  ආවෙ එයාට කන්න දෙයකුත් අරගෙන   කිරි එකකකුත් හදාගෙන යන්න...

නීතා අම්මා පේන්න හිටියෙ නැ... එළියට යන්න ඇති.... මං ෆ්‍රිජ් එක ඇරලා බලද්දි ඒකෙ තිබුනා එයා ආසම ස්ටෝබෙරි චොකලට් කේක් එකක්... මං ඒකත් අරගෙන ලොකු කෑල්ලක් කපලා ප්ලේට් එකකට දාගෙන ඉතුරු එක ආයෙත් ප්‍රිජ් එකට දාලා වැහුවා...

ඊටපස්සෙ එයා ආසම විදිහට කහටයි පිටියි වැඩියෙන් දාලා සීනි අඩුවෙන් දාලා එයාගෙ මග් එකට කිරි එකකුත් හදාගෙන මට ඉගුරු තේ එකක් හදාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊටපස්සෙ එයා ආසම විදිහට කහටයි පිටියි වැඩියෙන් දාලා සීනි අඩුවෙන් දාලා එයාගෙ මග් එකට කිරි එකකුත් හදාගෙන මට ඉගුරු තේ එකක් හදාගත්තා.... කේක් කෑල්ලයි තේ දෙකයි ට්‍රේ එකේ තියන්   කාමරේට එද්දි එයා තාම නිදි.....

මං හිතුවෙ කොල්ල බොරුවට ඉන්නෙ කියල.... ඒත් ඇත්තටම නින්ද ගිහින් වගෙ...මූණත් චුට්ටක්  පැත්තට හරවගෙන නිදන් ඉන්න දිහා මං ටිකක් වෙලා බලන් හිටියා .... පව් එයාට මහන්සි ඇති....

 පව් එයාට මහන්සි ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now