10.කොටස

2.8K 390 108
                                    

"හරි එහෙනම් කොල්ලො................."

*
*
*
*
" අපි මෙහෙම කරමු...... තේජාන් පුතාගෙන් මට ලොකු උදව්වක් ඕනෙ... බදුල්ලෙ පැක්ට්‍රි එකට යවන්න වැදගත් ෆයිල්ස් ටිකක් තියෙනවා...ඒවා යවන්න මේ වෙලාවෙ මට ගොඩාක් විශ්වාසවන්ත කෙනෙක් ඕනෙ...මගේම කෙනෙක්... ශාන් පුතාව උනත් යවන්න පුළුවන් මට.... ඒත් එතන කවුරුත් ශාන්ව දන්නෙ නෑනෙ.... මටත් මේ වෙලාවෙ යන්න විදිහක් නෑ කොළඹ පැක්ට්‍රි එකේ මැශින්ස් වල අඩුපාඩුවක් වෙලා....ඒක බලන්න යන්න වෙනවා...ඉතින් තේජාන්ට බැරිද මං වෙනුවට මේ බදුල්ල ගිහින් ඒවා බාර දීලා එන්න..... ?"

සර් එහෙම කියද්දි නම් මගෙ හිතට පොඩි සැනසීමක් දැනුනා... ඒත් මේ යකා යන්න බෑ කිව්වොත්.....

"බදුල්ලට...?? ඒකත් මේ වෙලාවෙ..??"

එච්චර බය වෙන්න දෙයක්ද මූගෙන් ඇහුවේ... ඇස් දෙකත් කටේ දාගෙන අහන හැටි...නොදකින් ගල් මූසලයා...

"ඔව් බන්...පොඩි හදිස්සියක් වෙලානෙ..ඒකයි මං කල්පනා කර කර හිටියෙත් මොකද කරන්නෙ කියල... කමක් නෑ කොල්ලො උබට බැරි නම් මං ශාන් අතේ හරි යවන්නම්..."

ඔව්... තේජාන් බෑ කිව්වොත් සර් වෙනුවෙන් මං ඒ ගමන යනවා.... ඒත් මගෙ හිතේ බය තියෙන්නෙ බෝ මේ යකා එක්ක තනි වෙනවට...මගෙ කොල්ලා දුර්වලයෙක් කියල කියනවා නෙමෙයි... මේකාට තද උනාම කොහොමද කියල මං දන්නවනෙ... මොන හේතුවකටද මන්දා මගෙ එක වචනයකට උනත් මෙල්ල උනාට මූ හෙන නපුරුයි... තද උනාම වටපිටාවේ තියෙන ඒවත් පොළොවෙ ගහලා පුළුවන් නම් ලග ඉන්න එකාවත් පොලොවෙ ගහනවා....

මනුස්සයෙක්ව දුර්වල කරන්න පුළුවන් අතින් පයින් විතරක් නෙමෙයිනෙ.... මට දැනෙන විදිහට තේජාන්ලා එයාව මානසිකව දුර්වල කරලා... එහෙම වෙන්න මොකක් උනත් ලොකු හේතුවක් තියෙනවා... ඒක මං කොහොම හරි හොයාගන්න ඕනෙ...

"ආ නැ නැ මාමේ... ම්..මට පුළුවන්... මං යන්නම්... එච්චර වටින දෙයක් නම් මාමට බැරි නම් මං යන එක හොදයි... ඒත් මේ අශූගෙ ගමන.... අපි ඉක්මනට ගිහින් එන්නද මාමේ...? වැඩි වෙලා යන්නෙ නෑනෙ නේද බබා...?"

එයාගෙ ගමන යන්න එයාටත් වඩා මූට මොකක්ද තියෙන උවමනාව....

" ඒ ගමන චූටි පුතාට අපේ ශාන් එක්ක උනත් යන්න පුළුවන්නෙ තේජාන්... මේක හදිස්සියක් දරුවො...උදෙන්ම යන්න පුළුවන් නම් හොදයි...."

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now