20.කොටස

2.1K 327 134
                                    


"දැන් ඒකට පරක්කු වැඩියි අයියේ.... අද කාර් මමයි ඩ්‍රයිව් කරන්නෙ.... ඔයාට තියෙන්නෙ අත් බැදගෙන කට වහගෙන බලන් ඉන්න විතරයි....දැන් ඉක්මනට යමුකො ගෙදර.... ම්ම්....?"

"ආහ්......."

*
*
*

මේ මොකද... එයා හිනා වෙලා එහෙම කිව්වට ඒ ඈස් ඇතුලෙ තිබුනෙ මාව අමුවෙන් කනවද ඩෙවල් දාලා කනවද වගේ බැල්මක්.... ඒත් දෙයියනේ මං මුකුත් වැරද්දක් කරේ නැහැනෙ... මං මේ එයාට බයේ එහෙම හිතනවා නෙමෙයි.... එයාට බය නැති උනාට අර මුතුකැට වගේ තියෙන දත් ටිකට දකිද්දි ඇග හිරිවැටෙනවනෙ...

වේගයෙන් යන කාර් එක ඇතුලෙ මං අමාරුවෙන් සීට් එක බදාගෙන අතේ තිබුන බෑග්ස් ටික පිටිපස්සෙ සීට් එකට විසි කරා..... කවුද දන්නෑ මේකාට ලයිසන් දුන්නෙ.... මෙහෙම ගියොත් නම් ගෙදරට යන්න කලින් දෙන්නටම හොස්පිට්ල් එක පැත්තට ගිහින් එන්න වෙනවා..... මට මොනවා උනත් කමක් නෑ එයාට හීරිමක් හරි උනොත් එයාට වඩා රිදෙන්නෙ මටනෙ...

"බෝ....."

"......................"

"මගෙ මැණික........"

"......................"

එයා මං දිහා බලන්නෙවත් නැ..... අඩුමතරමින් මොකක්ද උනේවත් කියලා කටක් ඇරලා කියන්න බැරිද....? දැන් ඉතින් මෙහෙම බලන් ඉන්න බැ.... එයා මේ යන වේගෙට අනිවාර්යයෙන් කොහෙ හරි ගිහින් මේක ඇනගන්නවා...

"යීබෝ......!!!"

බ්‍රාස්ස්ස්ස්.........

ඔය නැවතුනෙ යස අගේට..... සීට් බෙල්ට් දාගෙන හිටපු හින්දා හොදයි.... මේකාට තද උනාම එක්කො මං තුරුල් කරන් ආදරේ කරන්න ඕනෙ....එහෙම කරන්න බැරි තත්වෙක ඉන්නවනම් කෑගහලා සද්දයක් දාන්න ඕනෙ....මං නම් කැමතිම ආදරෙන් ඒ තරහා නිවන්නයි....ඒත් මේ වෙලාවෙ ඒක කරන්න බැනෙ.... ඒකයි කෑගැහුවෙ....

එයා කාර් එක නවත්තලා මං දිහා බැලුවෙ කේන්තියෙන්...
මං දන්නවා මං එයාට යීබෝ කියලා කෑගහනවට එයා කැමති නෑ.... කේන්තියෙන් බැලුවට ඒ හිත ඇතුලෙ තියෙන්නෙ වේදනාවක්.... ඒකත් මං දන්නවා...

එයා උදේ ඉදන් ඒ වේදනාව හංගන් හිනා වෙලා මාත් එක්ක හැමතැනම දුවලා මගෙ ගෙදර අයට ඕන දේවල් ගත්තෙ මට කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතුව... හෙට ඉදන් දවස් දෙකක් එයාට මාව විතරක් නෙමෙයි මටත් එයාව දකින්න ලැබෙන්නෙ නැ.... මාත් එයාට පෙන්නුවෙ නැති උනාට හිත යටින් පිච්චෙනවා.....ඒත් දෙයියනේ හෙට මං මේ ගමන යන්නම ඕනෙ... ගිහින් විසදගෙන එන්න ප්‍රශ්න ගොඩාක් මට තියෙනවා....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now