35.කොටස

1.6K 271 155
                                    

ඒත් එක්කම ගෙස්ට්රූම් එක ඇතුලෙ ඉදන් එයාගෙ පිටිපස්සෙන් උඩට ශර්ට් එකක්වත් නැතුව ආපු කෙනා දකිනකොට මේ මොකක්ද වෙන්නෙ කියලා මට හිතාගන්න බැරි උනා.......

ඒ....ඒ.....හිටියෙ..ර්..රදීශ්......

*
*
*
*

රදීශ් මං දිහා බලාගෙන අඩියෙන් අඩිය මගෙ කොල්ලා ලගට ලන් වෙනවා දකිද්දි මං අඩියට දෙකට දුවලා ගිහින් එයාව අල්ලගත්තා........

"මගෙ මැණික...... ඔයා හොදින් නේද....? මූ මොකද මෙහෙ කරන්නෙ....? ඔයාට මූ කරදර කරාද......? කතා කරන්න බෝ......!    ම්..මේ ශර්ට් එකේ බට්න්ස් ගැලවිලා....."

මගෙ අත් වෙව්ලනවා......එයා කිසිම හැල හොල්මනක් නැතුව මං දිහා බලන් ඉද්දි මං එයාගෙ මුහුණ අතපය අල්ලලා බලනගමන් ඉක්මනට වෙව්ලන ඇගිලි වලින් එයාගෙ ශර්ට් එකේ බට්න්ස් ටික දැම්මා..... බට්න්ස් ටික දාලා මං එයාව පපුව තදින් තුරුල් කරගත්තා....  එයාව දකිනකන් මං පිච්චුන තරමක්.....

"මොකද බබා මෙයා කලින් ඇවිත්.....?
ඔයා කිව්වෙ පරක්කු වෙයි කියලනෙ...."

රදීශ් එයාගෙ පිටිපස්සෙ ඉදන් එහෙම කිව්වෙ මගෙ දිහා බලාගෙන කට කොණකින් හිනාවක් දාගෙන.......ම්..මොකක්ද ඒ කිව්වෙ.....?

"මොකක්ද යකෝව් තෝ කිව්වෙ....???"

"ආහ්හ්ග්ග්.......ම්..මග්......හ්"

ඌගෙ වචන වලට මගෙ ඇගම ගිනි ගන්නවා වගේ දැනෙද්දි මං එයාව අතැරලා එයාගෙ පිටිපස්සෙන් හිටපු රදීශ්ගෙ බෙල්ලෙන් අල්ලගත්තා.......

"උබ කොහොමද මෙහෙට ආවේ...?? කියපන්......!!"

මං රදීශ්ගෙ  බෙල්ලෙන් අල්ලගෙන අහනකොට ඌ හිනා වෙවී මගෙ අතින් ගැලවෙන්න හැදුවා.....

"හහ් හ්හ්හ් හා....ආහ්ග්ග්.... බ්.බ..බා..හ්හ්.. ක්හැහැ ක්හැ"

"අයියේ...එයාව අතාරින්න.......!"

"බෝ.....මූ ඔයාට..ක්................."

"කිව්වම අහලා රදීශ්ව අතාරිනවා.......!!"

එයා ඌව අතාරින්න කියලා මගෙ අතේ එල්ලුනත් මං තවත් හයියෙන් ඒ බෙල්ල මිරිකගෙන හිටියා.....

"බෝ.... මූ.....ඔයාට කරදර කරා නේද්.....?අද මං මූව මරනවා..........උබ......මගෙ ක්...."

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now