37.කොටස

1.6K 277 142
                                    

එයා මුකුත්ම නොකියා මාව අතඇරලා ගියා..... එයාව මගෙ ලග තියාගන්න ඕන උනත් එයා ඉන්නෙ අපහසුවෙන් කියලා දැනෙනකොට මගෙ හිත තවත් රිදෙනවා....

*
*
*
එයාව මගෙන් ඈත් කරන්න බෑ....ඒත් වචනෙට හරි එයා කියපු කතාව නිසා ගොඩාක් ලන් වෙන්නත් බයයි....මං උණු වතුරෙන් ඉක්මනට ඇග හෝදගෙන කාමරේට යද්දි එයා ඇද උඩ වාඩි වෙලා ඉදලා මාව දැකපුගමන් අහක බලාගන්නකොට මං ගියේ අල්මාරිය ලගට...... එතකොටම දේවාන් ට්‍රේ එකක සුප් එකක් තියන් දොරත් ඇරගෙන කාමරේ ඇතුලට ආවා.....

"මොන මගුලක්ද ඕයී...... තමුසෙට මැනර්ස් නැද්ද දේවාන් අයියා.....කාමරේකට එනකොට කතා කරලා එන්න ඕනෙ කියලා දන්නෙ නැද්ද.......?"

දේවාන් ආවා විතරයි එයා දේවාන්ට කෑගහගෙන මාව කවර් වෙන්න මගෙ ඉස්සරහ හිටගත්තා..... මාව එපාලු මට ආදරේ නැහැලු ඒත් වෙන එකෙක් මං දිහා බලපුගමන් මේකාට ඔක්කොම අමතකයි.......අඩන්න දාහාක් හේතු මවන එයාම මොහොතකට හරි හිනා වෙන්න හේතුවක් දෙනවා..... ඉතින් මං කොහොමද තරහා වෙන්නෙ එයත් එක්ක....

"ෆුහ්හ්.....අනේ මේ.. තොගෙ මිනිහගෙ ඇටකටු බොඩියෙ මං මොනා බලන්නද....? දෙන්නම පහලට ආවෙ නැති නිසා මං මේ සුප් එක අරන් ආවෙ....මට කැම්පස් යන්න පරක්කු වෙනවා යකො...."

"ඔව් ඉතින් දකින්න ඕන ඔක්කොම ඊයෙ රෑ දේවාන් දකින්න ඇතිනෙ මාව ක්ලීන් කරනකොට.....නේද දේවාන්.....?"

මං දේවාන් දිහා බලලා එහෙම අහනකොට දේවාන් බිම බලාගද්දි එයා අහක බලාගත්තා....

"ඒකට කමක් නෑ මේක ඇදගන්නවා..."

ඊළග තත්පරේ මොනා හරි මතක් උනා වගේ එයා ඉක්මනට ටීශර්ට් එකක් අරන් බලෙන්ම මට ඇන්දුවා.....

" මූට මොංගල් ශාන් අයියෙ......... මං ගේ නෙමෙයි යකො..... ඕවා දැක්කා කියල මට නගින්නෙ නෑ......අපි කොල්ලො එක්ක හොස්ටල් වල හෙලුවෙන් නාන්නෙ....... උබ මිනිහව පරිස්සම් කරගනින් අර පහල ඉන්න උන්ගෙන්......"

බෝ මට බලෙන්ම ටීශර්ට් එක අන්දනකොට දේවාන් කියපු දේට අපි දෙන්නම දේවාන් දිහා බැලුවෙ පුදුමයෙන්....

"පහල කවුද ඉන්නෙ....?"

"උබෙ ගේ කුරුල්ලො සෙට් එක ඇවිත්.... රදීශ් තමයි ගෙන්නගෙන තියෙන්නෙ......"

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now