...........අවුරුදු 7කට පසු........
.📥
"කොහෙද ඉන්නෙ......?"ආයෙත් මැසේජ් එකක්.... මේ කොල්ලා විසිවෙනි වතාවට මේ ප්‍රශ්නෙ අහන්නෙ......
📤
"දැනුයි මීටින්ග් එක ඉවර උනෙ....."📥
"පරිස්සමින් එන්න..... මං බලන් ඉන්නවා.... ආදරෙයි මගෙ අයියේ.. බුදුසරණයි......"එයා අන්තිමට එවපු මැසේජ් එකත් බලලා මං ඉක්මනට ෆෝන් එක සාක්කුවෙ දාගෙන ඔෆිස් එකෙන් එළියට ආවා.......අද එයාට මාත් එක්ක ඔෆිස් එන්න බැරි උන නිසා දවසට කීපාරක් වීඩියෝ කෝල් ගත්තද කීපාරක් මැසේජ් කරාද කියලා එයාටවත් මතක නැතුව ඇති....
මේ අවුරුදු 8ට අපේ ජීවිතේ කොච්චර දේවල් කොහොම වෙනස් උනත් හැමදාමත් වෙනස් නොවුන එකම දේ අපේ ආදරේ විතරයි.... දවසින් දවස ඒ ආදරේ වැඩි උනෙ එයාට මං නැතුව මට එයා නැතුව හුස්මක්වත් ගන්න බැරි තරමට අපේ හදවත් තදින් බැදිලයි.....
කාලය හරි වේගයෙන් ගෙවිලා ගිහින්.... ඇත්තමයි , ගෙවෙන කාලය අල්ලලා නවත්තගන්න පුළුවන් නම් කියලා හිතෙනවා....ඒතරමට මේ ගෙවෙන ජීවිතේ ගැන මට තියෙන්නෙ පුදුම ලෝභකමක්....
මගෙ අම්මා අප්පච්චි අපි හැමෝම දැන් ජීවත් වෙන්නෙ එකම ගෙදරක.... බෝගෙ ගෙදර.... නෑ එහෙම නෙමෙයි....ඒ අපේ ගෙදර..... ඒක තමයි මගෙ කොල්ලගෙ එකම සතුට..... එයාට ඕන උනෙ අපි හැමෝම එකට ඉන්න..... ඉතින් අම්මගෙයි අප්පච්චිගෙයි සුදු පුතා ඉල්ලපු ඉල්ලීම ඉෂ්ට නොකර ඉන්න එයාලටත් බැරි උනා....පොඩි කාලෙ තනි වෙලා හිටපු එයාට දැන් ලොකු පවුලක් ඉන්නවා..... ඒ මුහුණ දැන් හැම වෙලාවෙම හිනාවකින් පිරිලා....
අපි දෙන්නට මැරි කරන්න සිද්ධ උනෙ හැමෝටම හොරෙන්.... ඒක අපිට ප්‍රශ්නයක් උනෙ නෑ...... ඒත් මුළු රටට පේන්න ලොකු වෙඩින් එකක් ගන්න තාත්තට ඕනකම තිබුනා.... අපේ ජීවිතේට තව ලස්සන මතකයක් දෙන්න තාත්තට ඕන උනා.... ඉතින් ලස්සන දවසක එකම වෙඩින් හෝල් එකක එකම වෙලාවක තාත්තා මගෙයි බෝගෙයි වගේම දේවාන්ගෙයි ආදිත්‍යගෙයි විවහ උත්සවය ඉහලින්ම සැමරුවෙ රටක් පුදුමයට පත් කරලයි....
එදා ඉදන් අද වෙනකන් අපි හැමෝගෙම ජීවිත සතුටින් පිරිලා ඉතිරිලා ගියෙ දුක් කරදර වලින් පිරිලා තිබුන වේදනාබර අතීයට නිමාවක් දීලයි....
YOU ARE READING
මගේ හිතුවක්කාරයා (Zhanyi) Completed
Fanfictionඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi