2 වන පරිච්ඡේදය

9.8K 1.3K 291
                                    







"මොකද්ද ඒ section ඒක? අපේ අය මොනාද කරන්නේ මුන් මෙහෙම රවුම් ගහන්නේ?"

පිටි පස්සේ හිටපු කෙනා කතා කරපු ස්වරයම ටිකක් තදට පිටවුනේ. ඉතින් අර ශිෂ්‍යනායකයා ලාවට ඔලුව පාත් කරන් දැන් මෙතනින් වාශ්ප වුන කොල්ලෝ රංචුව අයිති section එක මොකද්ද කියලා මතක් කරන්න ගත්තා.

"ආහ් ඔය අපේ එකේ සෙට් එකක් මනරු අද උන්ට පන්ති වල වැඩ නෑනේ"

"art එකේ?"

අව්ව වැටෙනකොට දුඹුරු පාටට පේන ඇස් හීනි කරගෙන මනරු එයාව දැකලා හැරෙන තැපෑලෙන් පන්ති පැත්තට දිව්ව කොල්ලා දිහා බලන් ඇහුවා.

"ම්"

"හරි හරි එහෙමයි කියලා උන්ට බුරුලක් දෙන්න එපා බං පේනවනේ ඉස්කෝලේ මොනා හරි තියෙද්දි අන්තිමට උන් උඹලගේ කර උඩින් යයි"

ඇදන් ඉන්න ඇදුම නිසා ඉනට අත් දෙක තියාගෙන මනරු හැමදාමත් වගේ උපදෙස් දෙන්න ගත්තේ හැමෝටම දෙන තද කටහඩෙන්. ඒ කතාවෙම තිබ්බේ හරිම නීතිගරුක ගතියක්. ඊටත් වඩා උරහිස උඩ පැටවිලා තිබ්බ වගකීමක්.

"හරි මනරු මං දැන් යන්නම් ඒ පැත්තට"

"ඒ මනරු උබ ඔතනද!? "

දෙන්නගෙම කතාවට බාධකේ ගහන් ආවේ ඊට අඩි දහයක් විතර දුරින්. ඉතින් දෙන්නම ඒ පැත්ත බලද්දි මනරු වගේම වෙස් ඇදූම ඇදගත්ත තව කොල්ලෙක් එක්ක ඉස්කෝලේ DHP කෙනෙක් හිටියා.

"ආහ් මොකද එහේ තත්වේ?"

පස්සේ මෙතනට ආපු කාරනේ මතක් වෙලා මනරු කතා කරේ කනාවට ඊයේ රෑ ඇහුන කතාවක් මතක් කරගෙන. රවුම් ගහන ළමයි දැකලා එයාට මෙතනට ආපූ කාරනෙත් අමතකයි.

"එහෙ වැඩේ යනවා බං අපි උබව හැම තැනම හොයලා අන්තිමට මේ පැත්තට ආවේ"

ඒ කතා කරේ තද නිල් බ්ලේසරේ දාගෙන හිටපු කොල්ලා. එයා එතනට ඇවිත් හිට ගත්ත ගමන් තමන් එක්කම ආපු සගයගේ කරට ඇන තියන් එක කකුලකට බර වුනා.

"ආහ් යං යං ඔක්කොටම කලින් මේක change කර ගමු"

"ඒක නෙවෙයි උබ ඇයි ඉතින් principal office එක පැත්තට ආවේ? "

අනිත් අයට වඩා හරිම සුහද විදිහට ඒ කෙනා මනරු එක්ක කතා කරේ ඒත් principal office එකට ඇස් යැව්වේ මහ අධිකරණය දිහා බලනවා වගේ.. ඉස්කෝලෙක විදුහල්පති කියන්න කාටත් දිරවන චරිතයක් නෙවෙයි. පෙනුමෙන් වුනත් බය හිතෙන කෙනෙක් ලග prefect කෙනෙක් ගිහින් කතා කරන්නේ දහපාරක් විතර හිතලා. ඉතින් පිරිමි පාසලක විදුහල්පති කෙනෙක්ගෙන් මේහෙමයි කියලා බූරුලක් හම්බවෙන අවස්ථා අඩුයි වැරැද්දක් කරත් නැතත්. ඒත් ඔය මොනවා වුනත් එයාලා කාගේ ඉස්සරහා විදුහල්පතිට මොන නම කියලා කතා කරත් මනරු ගේ ඉස්සරහා ඔය මොන නමවත් කියන්න එයාලා කටවල් පරිස්සම් කර ගත්තා මොකද ඒකට සාධාරණ හේතුවක් තියෙනවා.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now