"කවුද?"
"ඕ~~~~"
ඒ කෙනා දිහා ඇස් උස්සලා කෙලින් බලපු මාණික්‍යගෙන් ආපු ප්‍රශ්නෙට පන්තියෙන් ආපු පසුබිම් සංගීතය තමයි ඒ. ඉතින් අර කොල්ලා පිටි පස්සේ හිටපු කොල්ලොන්ට විහිලුවට රැව්වා.
"සුලක්ශන! අපි තෝමස් එකේ දහය වසරේ එකම පන්තියේ හිටියේ"
දැන් මාණික්‍ය කල්පනා කරන්නේ මේ මූන දැක්කේ කවද්ද කියලා. ඒ ඉස්කෝලේ අයව මාණික්‍ය වැඩිය මතක තියන් නොහිටියට එයාව නොදන්න කෙනෙක් නෑ.
"ආහ්"
"මට ආරන්චියි සිද්ධිය! උබට ගොඩක් ඩැමේජ් වුනාද?"
"හා හා ළමයි ඉඳගන්න මට කෑගහන්න බෑ"
සුලක්ශනගේ ප්‍රශ්නේ තමන්ට වදයක් කියන්න මාණික්‍ය ගේ මූන දැක්ක ගමන් කියන්න පුලුවන්. ඔන්න හැබැයි එයාගේ වෙලාවට මිහිරි මිස් පන්තියට ආවා ඉතින් හැමෝම ආයෙම තම තමන්ගේ පුටු වල.
"good morning මිහිරි මිස්!"
"good morning ළමයි.. ආහ් කෝ අපේ අලුත් යාලුවා"
මිස් ආපු ගමන්ම පන්තියේ සදාදරණීය ගෝලයෝ ටික කට පුරෝලා මිහිරි මිස්ට උදේට සුභ පතද්දි එයා අතේ තිබ්බ පොත් ටික මේසේ උඩින් තියන ගමන් ඔලුවට ආපු පලවෙනි ප්‍රශ්නේ ඇහුවා. ඇත්තටම ඒක මාණික්‍ය බලාපොරොත්තු වුනේ නෑ මොකද එයා ඒකට කැමති නෑ. හැමෝම අදුන ගන්නවට වඩා සද්ද නැතුව පැත්තකට වෙලා ඉන්න තමයි දැන් එයාට ඕනේ.. ඒත් ඒක දැන් බෑ.
"ආහ් මේ ඉන්නේ..! එන්න මාණික්‍ය ඉස්සරහට අපි අදුන ගමු"
ඉතින් මාණික්‍ය පුටුවෙන් නැගිට්ටේ මරන්න ඇදන් යනවා වගේ හැගීමෙන්.. නොකිව්වට පන්තියේ හැමෝටම ඕන වුනෙත් ඕක තමයි. මොකද මේ ටිකේ සමාජ මාධ්‍ය වල පවා උණුසුම් විදිහට පුවත් මැව්ව කෙනා තමයි ඔය දැන් ඉස්සරහා හිටන් ඉන්නේ.. ඒත් මිහිරි මිස් එයාට වෙන්න තියෙන අපහසුතා වලින් බේරගන්න කොයි වෙලත් වග බලා ගත්තා.
"හරි ළමයි හැමෝම අදුන ගන්න මේ ඉන්නේ මාණික්‍ය ඊයේ තමයි අපේ ඉස්කෝලෙට අලුතෙන් ආවේ දැන් කට්ටියම අපේ අලුත් යාලුවව හොඳින් පිලිගන්න ඕනේ!"
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.