අවසාන පරිච්ඡේදය

9.6K 1.2K 1.1K
                                    




ඉතින් එහෙමයි.. ඒ ආදරේ එහෙමයි. අකුරු බර ගානක හෝඩියක් තිබුනත් අන්තිමට ඒ අකුරු අමුනලා වචන කරන්න බැරි තරමට ඒ ආදරේ එහෙමයිලු..

"එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!"

හරියටම අවුරුදු උදාවෙන නැතකතට ගෙදර මැද්දේ කිරි උතුරන ගමන් නාථ මූලූ පවුලටම කියද්දි චූටි විසුද්ට නම් මේ උතූරන කිරි එක ගැන හරියට ප්‍රශ්න.

"විතු..කුක්.කූ..හ්?"

"ඒකනේ කුක්කු නේ.. මගේ මැණිකටත් දෙන්නම් පස්සේ"

පබසර එයාගේ පුතාව වඩාගෙන උතුරන කිරි මුට්ටිය ඉස්සරහා ඉදගෙන ඒ කිව්වේ. අනිත් අය සමහරක් එතන දන නවාගෙන තව තව ලිප අවුලනවා. ඉතින් නිර්මල ප්‍රශ්න පෝලිමක් දිග ඇරගෙන ඈනුමක් යැව්ව එයාගේ පුතා ලගට ඇවිත් කම්මුලක් ඉබලා එලියට යමු කියලා පබසරට ඉගි කරේ ඒ වෙලාවෙම වගේ රක්ෂිත දිග රතිඤ්ඤා වැලකුත් අරන් එලියට ගිය නිසා.

මොනවා නැතත් මේ අවුරුද්දේ නැකැත් සේරම වගේ වැටිලා තියෙන්නේ රෑ ගානක නිසා රතිඤ්ඤා වලට වඩා අහසේ අහස් කූරු.. ඉතින් අවුරුදු උදාවට පස්සේ එතන වැඩි හරියක්ම අය බලන් හිටියේ අහාර අනුභවය හා වැඩ ඇල්ලීමේ වෙලාව එනකල් කිව්වොත් මාණික්‍යට නම් දැන් හරි බඩගිනියි.

"බබා යමු එලියට අයියා රතිඤ්ඤා පත්තු කරන්න යන්නේ"

බඩගින්නටද නිදිමතටද? මාණික්‍යටත් විසුද්ට දෙවෙනි නැති ඈනුමක් ගියේ. හැබෙයි උපණිට නම් දැන් නිදිමත අහලකවත් නෑ.. මොකද මේ ආගන්තුර උත්සවය එයාට හරිම අලුත්.. කොහොම වුනත් අද කට්ටියම නිල් පාටින් සැරසිලා ඒ පවුලෙම අය දැක්කම හරි දර්ශණියයි. මොකද පිරිමි අය හැම කෙනෙක්ම වගේ එක වගේම සරම් ඇදගෙන.. ඊටත් චූටි පුතත් නිල් පාට සරමක් ඇදන් හරි හැඩයි.

කොහොම හරි.. කන නැකතත් ලග ලගම එන නිසා කට්ටියම එලියට ගියේ ඔන්න අද නම් රතිඤ්ඤා වලට අමතරව මල් වෙඩි බලන්නත් පුලුවන් වෙන නිසා.. ඉතින් පබසර ආයෙම එයාගේ පුතාට හරි මතක හිටින සිංදුවක් කියලා දෙනවලු..

"බා බා බා කිකිළි.. ඊයේ උදේ ගිය කිකිළි! තාම ආවේ නෑහ් කිකිළි.. බා බා බා! කෝ චූටි පුතා කියන්න බලන්න"

You've reached the end of published parts.

⏰ Last updated: Apr 11 ⏰

Add this story to your Library to get notified about new parts!

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now