24 වන පරිච්ඡේදය

7.8K 1.2K 642
                                    


හැරෙන්න දෙයක් නෑ ඒ දෙන්නම ගැස්සුනා. සුලක්ෂන කොයි වෙලාවේ මෙතනට ආවද දන්නෙ නෑ මොකද පබසර වගේ නෙවෙයි සුලක්ෂන.. එතන ලොකු වෙනසක් තියෙනවා ඒත් මනරුට විශ්වාසයි මේ වෙලාවට මෙතන කවූරුත් නෑ කියලා. හැබෙයි..

"නෑ අපිට ඇලජික්"

හිතින් කලබල වුනත් කිසිම දෙයක් නොවුන ගානට මාණික්‍ය ගොරෝසු කටහඩකින් කියද්දි මනරු එයා දිහා බැලුවේ පුදුමෙන්. ඉතින් සුලක්ෂනත් ලප් තැන ලොප් වෙලා බලන් ඉද්දි මාණික්‍ය එතනින් ගියේ මනරුවත් ඇදගෙන. මොකද එයාට මනරු ගැස්සුන විදිහ තාම මැවිලා පේනවා.

"මාණික්‍ය අහන්න මං හ-"

"කටවහගෙන මං එනකල් මෙතනට වෙලා ඉන්න!"

මාණික්‍ය මනරුවත් ඇදන් ආවේ ග්‍රවුන්ඩ් එක ලගට. එතකොටත් එතන ළමයි හිටියා මොකද අද ක්‍රිකට් ප්‍රැක්ටිස් වගේම බැන්ඩ් එකෙත් ප්‍රැක්ටිස්. ඒ ඇරත් තාමත් නොගිය ඉස්කෝලේ ඉන්න ළමයි ගොඩක්ම ගැවසුනෙත් එතන. ඉතින් කවුරුත් දැක්ක ගමන් තිගැස්සෙන එයාලගේ hp ව මේ ලගදි ඉස්කෝලෙට ආපු කෙනා මේ වගේ ඇදගෙන ඇවිත් තර්ජන කරලා වගේ යද්දි ඕනම කෙනෙක්ගේ අවධානේ ගත්තා.

එතකොට මනරු ඒ වචන කිව්ව පමාවට පිලිගත්තේ පැත්තක ඉදන් දර්ෂනේ දිහා බලන් හිටපු පබසරගේ කට ඇරෙද්දි. ඉතින් කොල්ලා ඉක්මනට මාණික්‍ය ගාවට දුවන් ගියා. මොකද හිතේ ප්‍රශ්න තියන් ඉන්න හොඳ නෑ.

"ඒ බං ඔහොම හිටපං!"

දැල් වලින් බෙදලා වෙන් කරපු cricket cage එක ඇතුලට ගිහින් ආයෙම practice කරන්න පටන් ගන්නකොට බෝල් කරන්න ඉන්න කොල්ලට නතර වෙන්න කියලා පබසර මාණික්‍යව කොටු කර ගත්තා.

"මට තව විනාඩි විස්සයි තියෙන්නෙ"

"හරි මං බෝල් කරන්නම් ඊට කලින් කියපං උබලා ආයේ මරාගත්තද?"

ඒ ප්‍රශ්නෙට මාණික්‍ය ගේ කට කොනට හිනාවක් ආවත් හෙල්මට් එක දාගෙන නිසා පබසර ඒක දැක්කේ නෑ.

"මරා ගත්තා නම් මං මෙතනට ජෝඩු දාලා එන්නේ නෑ"

"එහෙනම් අවුලක් නෑ, උබලා ඔහොම ඉද්දි මට හිතෙන්නෙම තොපිලා ලව් කරනවා කියලා සගෝ!"

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now