71 වන පරිච්ඡේදය

5K 959 207
                                    


හැම දේම යටත් වෙන කොන්දේසිය පිලිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න, නැත්තන් ආයෙම ඒ පේලියට වචනයක් එකතු කරන්න දෙපාර්ශවයටම විනාඩි ගානක් ගියා.. එතන හැමදැටමත් වඩා තිබ්බේ නිහාඩියාවක්.. ඒ නිහැඩියාව ඇතූලේ රජ කරන්නේ මොනවද කියන්න දන්නේ..

"මං මීට කලින් කාටවත් අයිති වෙලා නෑ මනරු"

දැන් කලුවරයි ඒත් අඩි ගානෙන් ගානට පත්තු කරලා තිබුනු විදුලි පහන් එදියට පේන මනරුගේ මූන දිහා බලන් මාණික්‍ය ඒ කියන ගමන් ඒ දෙන්නා අතතේ තිබුනු හිඩස මනරුට ලං වෙලා පිරෙව්වේ තවත් ඈත් වෙලා ඉන්න අනවශ්‍ය නිසා.. ඒත් මනරු මුකුත්ම කිව්වේ නෑ..

මාණික්‍යගේ වචන ආවේ හදවතේ ගැඹුරුම තැනින් කිව්වොත්.. එයා මනරූගේ නලලේ කොනට දෙතොල් තද කර ගත්තේ අත් වලින් ඒ රූපේ තමන්ට තද කරන්..

"ඔයාට ඕනේ කොහොමද ඒ ඕනම විදිහකින් මං ඔයාට අයිතියි මනරු.. ඔයාට දෙන්න බැරි දෙයක් මං ගාව නෑ"

ඒ කතා කරේ මාණික්‍යටත් වඩා එයාගේ ආදරේ.

"ඇත්තමද.."

"ඔයාට මාව විශ්වාස නැද්ද මනරු..? ඔයා මට මැරෙන්න කිව්වොත් මං ඒකත් කරන තැන දැන් ඉන්නේ"

තුරුල් කරන් හිටපු මනරුගේ මූනට එබෙන ගමන් මාණික්‍ය කතා කරේ ලාවට ඇස් රැලි කරන්.. ඒ අත් වලට මනරුගේ කමිසය පොඩි කරන්.. මහන්සිය කොහෙත්ම පැත්තකට කරන්.. ඉතින් මනරුගේ මූනට මදහසක් ආවේ නිරායාසයෙන්මයි.

"ඔව්.. ඔයා මගේ.. ඇත්ත.. ඔයාට මැරෙන්නත් පුලුවන් මගේ අවසරෙන් විතරයි"

ඒක ක්ෂනික වෙස් ගත්ත කටහඩක්ද.. මොකද ඒ කතා කරේ මනරුට වඩා එයාගේ ආධිපත්‍යයේ ආත්මයට  පන ඇවිත් වගේ.. මාණික්‍ය පුරාවටම විසිරුණු තියුණු බැල්මයි, ඒ කම්මුලක් වටේට ඇදෙන මනරු එයාගේ අයිතිවාසිකම් කියන අතත් එක්ක මාණික්‍ය ඇත්තටම කඩන්න බැරි බන්ධයනකට හිර වුනා හා සමානයි..

හරියටම කිව්වොත් මනරු රජ කරන රාජධානියේ ඉන්න පුලුවන් එකම යටහත් පහත් වැසියා එයා..

"ම්.. ඔව්"

"එහෙනම් මොනවා වුනත් ඔයත් මගේ හීනේ ජීවත් වෙන්න ඕනේ.. මාත් ඔයාගේ හීනේ ඉන්නවා"

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now