18 වන පරිච්ඡේදය

7.6K 1.2K 399
                                    



රක්ෂිත ගියපු වැඩේ කරගෙන එන්න එයා කිව්වත් වගේ ලොකු වෙලාවක් ගියේ නෑ. ඉතින් එන්න එන්න රෑ වෙන නිසාම මනරු ගෙදර ගියා. ඒ යනකල්ම මාණික්‍ය එයා දිහා ඇස් උස්සලා බැලුවේ නෑ. බැලුවා නම් ඒ එයාට පිටු පාලා හිටපු මනරු දිහා විතරයි.. ඒ ඇයි කිව්වොත් මනුස්සයෙක් විදිහට එයාගේ හිතට එන තිගැස්ම, දෙගිඩියාව ඊටත් වඩා බය.. බයත් එක්ක එන ලැජ්ජාව.. මාණික්‍යට බය කියන වචනෙ වඩා ලැජ්ජාව කියන වචනෙට වෛර කරා.

අන්තිමට යන්න ලෑස්ති වෙලා මනරු එයා දිහා බලපු වෙලාවේ වුනත් මාණික්‍ය කිසි හැගීමක් නෑති මූනකින් පැත්තක් බලන් හිටියේ ඇත්තටම හැගීම් දැනිම් නැති මනුස්සයෙක් වගේ..

"මං දිහා බලන්නේ නෑද්ද?"

එහෙම හිතුනත් මනරු ඒක අහයි කියලා එයා හිතුවේ නෑ.. ඒක තනිකරම අපහසුතාවයක් තමයි ඒ තේරුන නිසාද මන්දා  මනරු තවත් ඒ තැනට මාණික්‍යව වට්ටන්න හිතුවේ නෑ.. ඒ වෙනුවට කෙස් වැටුන නලලේ කොනක් මහපොට ඇගිල්ලෙන් පිරි මැදලා එයා එලියට ගියා.. ගියත් වගේම තමයි මාණික්‍ය ආයෙම ඔලුව උස්සලා බැලුවේ.. ඒ බලන ඇස් වල මොන තරම් වේදනාවක් දියවෙලා තියෙනවද කියලා මනරු දැක්කේ නැති වුනාට නොදැක දැනිලා වගේ කාමරයෙන් එලියේ වහපු දොරට වාරු වෙලා ටික වෙලාවක් එයා එහෙන්මම බලන් හිටියා.

ඒත් මාණික්‍යට තව එක සැරයක් මනරුගෙන් කවියක් අහගන්න හිත ආසාවෙන් කලින් අහපු කටහඩ ලග ආයේ ආයේ දැවටෙනවා.

"මාණි!"

මනරු ගිහින් විනාඩි දහයක් විතර ගියාට පස්සේ නිර්මල කාමරේට දුවන් ආවේ ටයිකෝට් පිටින්. ඒ කියන්නේ පණිවිඩය කලින්ම ගිහින්.. ඒ විතරක් නෙවෙයි එතන තව කෙනෙක් හිටියා.

"චූටි පුතා"

ඔය නාථ මාණික්‍යට එහෙම කතා කරේ කාලෙකින්. ගෙදර අයට විසදුමක් නැති ප්‍රශ්නයක්.. රාජකාරි ප්‍රශ්නයක වඩා සංවේදි වෙන්න තියෙන ප්‍රශ්නයක්..

"මාණි මොකක්ද ඔයාට වුනේ දෙවියනේ!! අපි ගොඩක් බය වුනා"

නිර්මල ඒ කියන් මාණික්‍ය ලගින් වාඩි වෙලා මල්ලිගේ අතක් අල්ල ගනිද්දි නාථ මේ දේවල් වලට හේතුවක් හිතා ගන්න බැරුව එයාගේ පුතා දිහා බලාගෙන හිටියා.. ඉතින් මාණික්‍යට එයාගේ අම්මගේ හිස්තැනේ අඩුව තදින්ම දැනෙන්න ගත්තේ දැන්.. එයා හිටියා නම් සමහර විට.. එයාට මෙහෙම නොවෙන්න තිබ්බා කියලා මාණික්‍ය දෙතුන් පාරක්ම හිතලා තියෙනවා..

කස්තුරි සුවඳ ✓ Tempat cerita menjadi hidup. Temukan sekarang