17 වන පරිච්ඡේදය

7.4K 1.2K 294
                                    

පබසරගේ ප්‍රශ්නේ ඇහුනත් වගේ මාණික්‍යට තේරුනේ එයාගේ මුලු ඇගම ගැහෙන්න ගන්නවා කියලා විතරයි.. ඒ ගැහෙන්නේ බයකට කියලා කිව්වොත් පරිකල්පනය කරපු තැනේ ඉඳන් වැරදියි.. ඉතින් නම ඇහුනු පමාවට මාණික්‍ය අඩිය තිබ්බේ එලියට.. ගොට්ටුවෙනුත් එලියේ ළමයි හැරි හැරි බලන දිහාවට..

"මාණික්‍ය හිටපං!"

පබසරට එයාව අල්ලන්න බෑ මාණික්‍ය ඒ තරම් වේගයෙන් තැනක් නොදැන වුනත් ඇවිද්දා. ඒත් ඒ තැන එයාට හොයා ගන්න මහ වෙලාවක් ගියැ නෑ. වෙලා තියෙන දේ නොදන්නවා  වුනත් ගජන කියන නම ගෑවුන තැන දැන් ඉස්කෝලේ prefect ලගෙන් වට වෙලා.

"85 කියන්නේ කවුද බං?"

"ඒ අර මෙහෙට ලඟදි ආපු පොර නේද? අර මාණික්‍ය කියන්නේ"

"සිරාවට? ඉතින් ඌට මොකටද මෙහෙම කියලා තියෙන්නේ?"

Prefects ලා විතරක් නෙවෙයි ඉස්කෝලෙට එන ලොකු පන්ති වල සාමාන්‍ය කොල්ලොත්, ඒ අහලින් පහලින් යන පිට මිනිස්සුත් නැවතිලා මේ ළමයි රැස් වෙලා ඉන්න හේතුව හොයනවා.

ඉතින් ඇහෙන දේවල් පේන දේවල් වලට වේගයෙන් ගැහෙන පපුවත් එක්ක මාණික්‍ය ළමයි තල්ලු කරන් ගියේ අසවල් විදුහල කියලා ගහලා තියෙන නිල් පාට පුවරුව පේන පිට බිත්තියක් ඉස්සරහට. ඒ ඉස්කෝලේ ගාවමයි.. ඉතින් මාණික්‍ය අතින් තල්ලු වෙලා ගිය කොල්ලෝ හැම කෙනෙක්ම එයා දිහා බැලුවේ අමුතුම කෝනයකට..

"කවුද බං දන්නේ ඌ ඇත්තටම එහෙමද දන්නේ නෑනේ!"

"මොකද උබලා මෙතන කරන්නේ යනවා ඉස්කෝලේ ඇතුලට!!"

ඒ කෑගැහුවේ පබසර. ඒ සද්දෙට prefects ලා ඇරෙන්න අනිත් හැම කොල්ලෙක්ම එතනින් යන්න දැගලුවා. හැබෙයි.. බිත්තියට කලින් මාණික්‍ය දැක්කේ එයාගේ පැත්තට විතරක් හැරවිලා තිබ්බ වික්ෂිප්ත ඇස් දෙකක්.

"යනවා හැමෝම!!"

පබසර කට්ටියව එලවනවා.. ඒත් මාණික්‍යගේ හරි සිහියත් ඒ වෙලාවට විතරක් සිමා වෙයි කියලා එයාවත් හිතුවේ නැතුව ඇතී. මොකද කලු පාට ස්ප්‍රේ කෑන් එකකින් කටු බිත්තිය පුරාවටම ලොකු අකුරෙන් ලියලා තියෙන වචන කියවන තත්පරයක් ගානේ මාණික්‍යට තේරුනේ එයාගේ ඇගේ හැම ලේ බිංදුවක්ම ලෝදිය ගානට රත් වෙනවා, වෛරයෙන් කැකෑරෙනවා, කේන්තියේ උපරීමේටම ගිහින් තමන්ගේ පාලනේ තමන්ගෙන්ම ගිලිහෙනවා කියලා..

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now