62 වන පරිච්ඡේදය

4.6K 909 250
                                    





ඒක එහෙමද..?

හැම දේම වෙන්නේ හොඳට? ඒකද හොඳ දේවල් මේච්චර දුර? අපිට දුක?

හොඳ දේවල් වෙන්න කාලයක් ගන්නවා කියන්නේ හරි පුදුමයි.. කාලය යනවා හොඳටම දැනෙනවා.. කොච්චර බලන් හිටියත් ඔරලෝසුවේ තත්පර කට්ට ඉස්සරහට ඇදෙන්නේ නෑ වගේ.. උදේ වෙන්නේ නෑ, දවල් වෙන්නේ නෑ.. කොච්චර බලන් හිටියත් රෑ වෙන්නේ නෑ..

ඒ වෙන්නෙම අපිට රිදෙන්න, රිද්ද ගන්න කියලා ඇයි හිතෙන්නේ? දුක පත්තියම් වෙන්න වෙන්න වෙන්න තියෙන දේවල් වලට දුකක් නැතුව මුහුන දෙන්නද?

ඒ නිසාද සතියක් දෙකක් ගෙවනවා හරියට කල්පයක් ගියා වගේ දැනුනේ..?

කොහොම වුනත් මිනිස්සූ ජීවත් වෙනවා. තම තමන්ගේ දේවල් කරනවා, අපි හැමදාම කරන්න පුරුදු වුන දේවල් කරනවා.. ඒත් ඒ අතරෙන් හේතු ඇතුව හෝ නැතා අපි කරන්න පුරුදු නොවුනු දේවලුත් කරනවා..

සති දෙකක් ගෙවුනා ඒකත් මාණික්‍ය මනරු බලන් ඉද්දිම පබසර හැම කෙනෙක් ඉස්සරහම කකාවක් නැති ගොලුවෙක් වුනා.. හැමදාමත් කියවන කෙනා, එක තත්පරයක් කට පියන් ඉන්න බැරි කෙනා සති දෙකක් යනකනුත් කිසි කතාවක් නැතුව ප්‍රැක්ටිස් විතරක් කරද්දි යාලුවෝ දෙන්නට විතරක් නෙවෙයි ඒ වටේ පිටේ ඉන්න අයටත් ප්‍රශ්නයක්..

ඒකට හේතු විදිහට ඇහුවම පබසර හැම වෙලේම කිව්වේ මේ ප්‍රැක්ටිස් එක්ක ඉස්කෝලේ වැඩත් එකතු වුනාම එන පීඩනයට එයාට එහෙම වුනා කියලා.. ඒත් ඒ හා සමාන පීඩනයක් ඉන්න මාණික්‍ය තාමත් කලින් හිටපු විදිහමයි..

ඒත් කවුද දන්නේ ඒ ප්‍රශ්නය තවත් ප්‍රශ්නයක් විදිහටම තියෙයි කියලා..මොකද මාණික්‍ය අද ගෙනාවේ ඒ තරම් දෙයක් තීරණය වෙන ආරංචියක්.

"පබසර.."

මාණික්‍ය හිටියේ නී ගාඩ් දෙක දාගන්න ගමන්.. දෙන්නම changing room එකේ ඉඳන් පිටියට බහින්න ලෑස්තිය.. ඉතින් පබසර හිටියේ අත් දෙක වැහෙන්න දිග ස්ලීව්ස් දෙක හරියට අත් වැහුනද කියලා බලන් ගමන්..

"ම්..?"

මේ දවස් වල පබසරගේ ජනප්‍රියතම වාක්‍ය..

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now