48 වන පරිච්ඡේදය

7.4K 1.1K 508
                                    




පබසර ඒ කියන වත් එක්කම ඇගට පනක් නැති නිර්මලගේ ඉන වටේට අතක් යවාගත්තා. ඊටත් ඒක එයාට හේත්තු කර ගත්තා වගේ.. ඉතින් දැන් අර කලින් හිටපු විහිලුවට බර කෙනා එතන නෑ.. දැන් එතන ඉන්නේ කලකිරිමකටත් වඩා කේන්තියකන් ඇස් රැලි කර ගත්ත පබසර.

"තරහා ගන්න තරම් මං වටින්නේ නෑනේ දරුවෝ.."

ඔලුව ගහගෙන කතා කරන්න නිර්මල වෙනම උත්සහයක් ගත්තා.. වුනත් එයා කරේ පබසරව තව ටිකක් තරහා ගස්සපු එක.

"කවුද කියන්නේ?!"

ඉතින් ඒ කටහඩ සැරයි. වෙනදා හිනාව යි උපහාසයයි විතරක් තියෙන මූනට නපුරු පෙනුම ඇදිලා ආවම පබසර කියන්නේ වෙනම මනුස්සයෙක්.. ඒ මූන බලාගන්න හැමෝටම බෑ.. ඒක නිසාමද මන්දා නිර්මල බැරි ගාතෙම වුනන් ඉන්න විදිහටම බෙල්ල හරවලා එයා දිහා බැලුවා.

"තරහා ගන්න එපා ඉතින්.. පබසර දැන් හරිම නපුරු පාටයි.."

මන්දා වෙනදට තියෙන අහිංසක පාටට වඩා නිර්මල දැන් තව අහිංසක පාටට පේන්නේ ඒ එයාගේ හෙම්බත් වුන ලෙඩ පාට ඇස් නිසාද නැත්තන් එයාගේ අවුල් සහගත ලෝකෙට පබසරගෙන් ලැබෙන නිරවුල් සැලකිල්ලද කියන්න තේරෙන්නෙ නෑ.. ඒත් ඒ පාටට තව අස්වැස්වීමක් ගේන්න පබසර ඇරපු ටැප් එකට අත දාලා තෙමුනු අතින් නිර්මලගේ මූන පිහලා දැම්මා.

"එහෙනම් ඔය වගේ මෝඩ කතා කියන්න එපා"

"ඒක බොරුවක් නෙවෙයිනේ.."

"ඔයාට කැමති කොච්චර නම් අය මේ ලෝකේ ඉන්නවද"

පබසරගේ වචන වල මොන තරම් ස්තීරත්වයක් තිබ්බද කියන්න එයා ඒ වචන ටික කිව්වේ දැනටමත් එයා දිහා බලන් ඉන්න අප්‍රාණික ඇස් දෙක දිහා බලන්.. වුනත් ඒ අනිත් පැත්තට ඒවට පන එන්න පටන් ගත්තා..

"ඒ වුනාට ඒ කවුරුත් මං ගැන මෙහෙම කරදර වෙන එකක් නෑ"

මොන තරම් සැප සම්පත් තිබ්බත් ඒ වචන තමන්ට අවදානය අයදින විදිහ.. ඊටත් අනුන්ගෙන් බලාපොරොත්තු නොවෙන දායාව තමන්ගෙන් ඉල්ලන විදිහ දැකලද මන්දා ඒ වෙලාවේ පොඩි දරුවෙක් වගේ තමන්ගේ ඇගට වාරු වෙලා ඉන්න නිර්මලව පබසර බදාගත්තේ පැහැදිලි කර ගන්න බැරි හැගීමකින්.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now