77 වන පරිච්ඡේදය

5K 948 394
                                    




"මාණික්‍ය!!!"

අවසන් වතාවට ඒ නම පබසරගේ හඩින් අවකාශයේ රැව්දුන්න වික්ෂිප්තත්වය පරයා මේ ඇහුනේ.. දසදහසක සෙනගක එක හඩකින් රැව් පිලිරැව් දුන්න හඩ නම්..

වටින්ම කලුවර වුනු වෙලාවේ හතර අතින් ගුවනට නැගුනු මහ විදුලි ආලෝකයෙන් ආලෝකමත් වුන සුගතදාස ක්‍රිඩාංගන පිටිය දැන් දෙවනක් වෙන්නේ ශ්‍රී ලංකාවේ අති මහත් ක්‍රිකට් ලෝලින්ගේ කටහඩින්.

සමහරක් තමන්ටත් වඩා විශාල ජාතික කොඩි ඇගේ පොරවන් ඔල්වරසන් දුන්නේ මේ දැන් හතරේ සීමාව පසු කරපු පිතිහරණයට.. ඉතින්,

"That's a good looking shot..! Manikya Dewaprya.. straight away good delivery "

රසෙල් ආනෝල්ඩ්ගේ විචාරිත්ම කටහඩත් එක්ක වට පිටාවේ ඇහෙන තරගයේ උච්චතම අවස්ථාවට කියාපුම පපරේ සද්දේ එතන ඉන්න ක්‍රීඩා ලෝලීන්ට ලග ලගම අත වනන ජයග්‍රහණයේ ජවය ඕනාටත් වඩා සැපයෙව්වා කිව්වොත්.,

හතරේ සීමාව පසු කරන කල් කඩුලු අතර දිව්ව ශ්‍රී ලංකා පිලේ ක්‍රිඩකයන් දෙදෙනා ආයෙමත් යුහුසුලුව තමන්ගේ මායිම ඉස්සරහා හිට ගත්තේ මීලග පන්දුවට පහර දෙන්න සුදානමින්.

ඉතින් ආයෙමත් ඒ පුද්ගලයාමයි.. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර එක්දින තරගාවලියට මේ පාර moose ආයතනය විසින් සාඩම්බර අනුග්‍රාහයෙන් නිකුත් කරපු නිල් පාට පසු බිමේ සිංහයා වැජබෙන නිල් පාට ඇදුම.. සුදු ඉර උඩ පිත්ත වද්දන ගමන් පන්දුවට පහර දෙන්න මාන බලන ඒ මූන දාඩියටත් වඩා රෑ කලුවර නිසාම ටිකක් අපහැදිලියි.. ඒත් ඇදන් ඉන්න ඇදුමේ පිටුපස පුරාම ලොකු අකුරින් 'MANIKYA'  වගේම ඊටත් විශාල ඉලක්මෙන් 105 දැක්ක ගමන් දැන් කාගෙත් අතරේ ප්‍රසිද්ධ තාරුණ්‍යය ජවය..

ඊලග පන්දු වලටත් ඊට දෙවෙනි නැති පහර පිට දෙද්දි කෙල්ලන් කොල්ලන් අතරේ විතරක් නෙවෙයි මුලු මහත් ලංකා වාසී ජනතාවගේ ආදරේ ඒ නමට ලැබුනේ කාසිම ලෝභකමක්  නැතුව..

"ආහ්~~~~!!! මට පිස්සු වගේ!!  මාණික්‍ය දේවප්‍රිය ආදරෙයි!!!"

"එයා මගේ යකෝ!! එන්න එපා මගේ එකාව අයිති කර ගන්න!"

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now