29 වන පරිච්ඡේදය

7.8K 1.3K 773
                                    


"හාහ්? කිකිළි? මමද එතකොට කිකිළි?"

කට්ටියම දැන් හෝල් එක පුරාම තිබ්බ වියන්න එලපු පොල් අතු එක තැනකට එකතු කරනවා. මොකද දැන් ගොඩක් අය යන්න හදන්නේ. ඒ අතරේ එලියට ගිය කට්ටියක් නෙස්ට්කැෆේ ගෙනත් හැමෝටම බෙදනවා.

"නැතුව.. කොයි වෙලාවෙත් මට පුම්බගත්ත ගමන්මනේ ඉන්නේ"

මාණික්‍ය ඒ කියද්දි මනරු එයාට දුන්නේ හරි නෝන්ඩි හිනාවක්. ඒත් ඒ එක්කම එයාගේ කනට පාත් වුනේ කියන්න තියෙන දේ ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් දෙයක් නෙවෙයි නිසා වෙන්න ඕනේ.

"මං පිම්බුවට මොකෝ ඔයාට කවදා හරි කෙකර ගාන්න වුන දවසට රකින්න බිත්තරත් නැතිවෙයි මාණික්‍ය "

"අවුලක් නෑ.. මට නැති වුනොත් ඔයාගෙන් උස්සනවා"

මාණික්‍ය මුමුණපු දේට අනිත්මට මනරු කට තද කරගෙන හිනා වුනේ එයාගේ අභ්‍යන්තරයේ සිටින මිනිසා නගන හිනා හඩ මෙතන දිග ඇරියොත් බදාදට එයාව හොඳම හිනාවට දාන්න බැරි නැති නිසා.

"ඒ මචං නෙස්ට්කැෆේ බොනවනේ"

ඉතින් ඔය අස්සේ එක කොල්ලෙක් ඇවිත් බෑග් එකක පුරව ගත්ත කිරිපැකට් ටිකක් දික් කරේ ඒ දෙන්නට විතරක් සිමා වුන රහස් සාකච්ඡාව කඩාගෙන.

"මට එපා බං මාණික්‍ය ඔයා බොනවද?"

"එයා බොනවා එකක් දෙන්න"

මනරු ඒ අහද්දි මාණික්‍ය බෑග් එකෙන් එක පැකට් එකක් ගත්තම මනරු එයා දිහා බැලුවේ කිව්ව දේ නොතේරුන නිසා.  පස්සේ මාණික්‍ය බටේ දාලා උගුරු දෙකක් විතර බීලා ඒක මනරුට දික් කරා.

"indirect kiss"

මාණික්‍යගේ වක්‍ර හාදුව දැන් මනරුට නොගෙනම බෑ.. කලින් දවසේ මනරුම ඒ හාදුව දෙන විදිහ කියලා දුන්නම මාණික්‍ය ඒක ඉගෙන ගත්තේ නෑ කියන්නත් බෑ.. ඉතින් මනරු ට ආවේ ලස්සන පොඩි හිනාවක්.. හිනාවත් එක්කම මාණික්‍ය ගේ අතත් එක්ක වක්‍ර හාදුව පිළිගත්තා.

ඒත් ඒ ලගින්ම ඇහෙන ශෝකාලාපය..

"පොල් අතු වියන මට තනිකම දැනෙනු එපා
පොල් අතු වියන මට පෙම් බස් ඇහෙනු එපා
පොල් අතු වියන මට කුරුලු තොරන් පේනු එපා
පොල් අතු වියන මට නෙස්ට්කැෆේ එකක් එපා"

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now