20 වන පරිච්ඡේදය

8K 1.2K 524
                                    



"මල්ලි එපා එප! ඕක උඩ නගින්න එපා! මූ කනවා!"

ඒකට බිරිල්ල කියන්නත් බෑ බිරිල්ලටත් වඩා හපන් සද්දයක්. Doberman ජාතියේ බල්ලෝ කියන්නෙම කලහකාරී සත්තු ජාතියක් නිසා ඌ හැසිරුනේම මාණික්‍ය ගෙදරට පැනපු හොරෙක් ගානට දාලා.. මොකද දැන් මාණික්‍ය ඉන්නේ ගේට්ටුවේ උඩ පොල්ලට නැගලා. ඊටත් උගේ බිරිල්ලත් එක්ක දැන් වටේ පිටේ ගෙවල් වල ඉන්න අසල්වැසි බලු පටිපස්පරානෙම බුරන්න පටන් ගත්ත එකෙන් මුලු ලේන් එකම කුමාරි මෙහෙයවන රෑ බලු සංගීතයක් වගේ.

"මාණික්‍ය හෙලවෙන්න එපා කූමාරි හපයි"

"කූමාරී?? පිස්සුද මූව ගන්නවා!!!! මේ යකා මගේ කලිසම අදිනවා!! ආහ්!!"

බයටම ගොට්ටුවේ නැග්ග ගමන් මනරුගේ මහෝත්තමාවිය කරේ මාණික්‍ය ඇදන් හිටපු කලිසම ඌ ලෝකේ දැක්ක හොඳම මස් කට්ට වගේ හිතන් හපාගෙන අදින්න ගත්ත එක. ඉතින් ඌ එහෙන් අදිනවා මනරු මෙහෙන් අදිනවා.

" මල්ලි හෙලවෙන්න එපා ඔහොම ඉන්න මං කූඩුව ඇරලා එන්නම්"

"ඕව් මාණික්‍ය ඔයා සීරුවෙන් ඉන්න"

"ගේට්ටුවේ නැගලද මනුස්සයෝ සීරුවෙන් ඉන්න කියන්නේ???"

"කවුද නගින්න කිව්වේ දැන් ඉතින් ඔහොම ඉන්න වැඩිය දැගලුවොත් මං කුමාරිව පුරුදු කරලා තියෙන්නේ අනාගතේ විනාස කරන්න"

අක්කා වත්ත එහා පැත්තේ තියෙන ලොකු බලු කූඩුව ලගට තකහනියක්ම දුවන් යන අස්සේ මනරුවත් ඇදගෙන ඉස්සරහට පනින්න හදන බල්ලගේ දම්වැල මනරු අල්ලන් හිටියේ අත වටේට දහගමක් විතර ඔතාගෙන.. හැබෙයි.

"තමුසෙට අනාගතයක් නෑ කියලා අනිත් මිනිස්සුන්ගේ අනාගතේ විනාස කරලා හරියනවද! මොනාද තමුසේ බලාපොරොත්තු වෙන්නේ!!"

බයටම කෑගැහෙනවා හැබෙයි ගේට්ටුවේ එල්ලීගෙන හරි මාණික්‍ය ලොකුකම් දාන්න අමතක කරේ නැ.. ඉතින් ඒකට මනරු දුන්නේ මහ නෝන්ඩි හිනාවක්.

"මට තරම් දීප්තිමත් අනාගතයක් වෙන අයට තීයෙයි කියන ඉරිසියාවට ඇයි අවුල්ද?"

"හහ් ඔය කියන්න ඇත්තේ කනාමැරිදි එලිය ගැන වෙන්න ඇති! "

ඒ කිව්වත් වගේ මනරු ඕන කමකින්ම බල්ලගේ දම්වැල අත අරින්න වගේ ලාවට ලිහිල් කරද්දි මහා කන්‍යාවියට තටු ඇවිත් ඔන්න ආයෙම මාණික්‍යගේ පැත්තට පැන්නා.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now