9 වන පරිච්ඡේදය

7.6K 1.3K 309
                                    





මනරු දැන් කරපු දේට මුකුත් නොකරන්නත්, එයා කියපු දේට විරුද්ධව මුකුත් නොකියන්නත් හේතුව මොකක්ද කියලා මාණික්‍යට හිතා ගන්න බෑ.. කොහොමද එච්චර දෙයක් කියලා එයාගේ දාඩිය පිහිදානකල්ම මාණික්‍ය බලන් හිටියේ..  එයා දන්නේ ඒ වෙලාවේ කටවහලා තිබ්බ ඔරලෝසුවේ වැරැද්දක් නෑ කියන්න විතරයි..

ඉතින් මනරු එතනින් උඩට ගියත් මාණික්‍යට ඊලගට අඩිය තියන්න වෙන වේලාවක් ගියා. දැන් පන්ති පටන් අරන් ඇත්තේ හැබෙයි එයාගේ හිත ඇතුලේ වෙනම පන්තියක්.

"මාණික්‍ය පුතා මොකද මෙතන කරන්නේ පන්තියට යන්නේ නෑ?"

"ආහ්..?"

පඩිපෙල මැද්දෙ හිටන් නින්දෙන් නැගිට්ටා වගේ එයා මිස් දිහා බැලුවේ රත් වෙලා.

"මොකෝ මේ කොල්ලා රතු වෙලා? අද පර-"

"මොකක්????"

මිස් ඒ කියලා ඉවර කරන්නත් කලින් එයා කම්මුල් දෙක අල්ලන් හයියෙන් අතුල්ලන්න ගත්තේ කලබලයෙන්.

"මං රතු වෙලා නෑ මිස්! "

"හැබෙයි දැන් නම් හොඳටම රතු වෙලා මාණික්‍ය"

ඇත්ත දැන් නම් මාණික්‍ය ගේ කම්මුල් දෙක එයා සුදු නිසාම හොඳට රතු වෙලා පේනවා. දැන් ඇත්තටම එයා පොඩි බබෙක් වගේ.. මිස් ටත් ඒ දැකලා හිනා ඒත් පන්තියට යන්න පරක්කු වෙන නිසා එයා මාණික්‍යටත් එන්න කියලා පඩිපෙල නගිද්දි රතු වෙලා හිටපු කොල්ලගේ කටින් වචන දෙක තුනක් එලියට පැන්නා.

"fuck you මනරු!"

ජීවිතේ පළවෙනි පාරට ඒ නම කටින් කියද්දිත් අමුතුයි. ඉතින් ආයෙම අර අහේතුක කේන්තිය එලියට පනිනකොට එයා අත් මිට මොලවගෙන පන්තියට ගියේ.. ඒ කේන්තිය හරි අමුතුයි.. ඒ කේන්තියට කාටවත් ගහන්න හිතෙන්නේ නෑ ඒ වෙනුවට කන් දෙක හිනියට රත් වෙනවා දැනෙනවා.. ඒ දැනෙද්දි මාණික්‍යට තව කේන්තියි.

"හරි ළමයි අද ආපු නැති අය ඉක්මනට කියන්න ඔයාලගේ ඉංග්‍රීසි මිස් එයි"

මිහිරි මිස් හැමදාමත් වගේ පන්තියේ නම් ලකුණු කරන්න ගත්තා. මාණික්‍යත් ඉතින් සුපුරුදු තැනින් ඉදගත්තේ ලාවට කොරිඩෝව දිහා බලන් වුනත් දැන් එහා පන්තියෙන් එලියට යන කට්ටියත් අතරේ පොතකුත් අරන් කතාවක වැටිලා යන කෙනාව දැකලා ආයෙම මොකක්ද වුනා. එතන මාණික්‍ය ට තිබ්බ එකම හොඳද දේ වුනේ මේ සැරේ එයාලගේ ඇස් හම්බුනේ නැති එක විතරයි.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now