40 වන පරිච්ඡේදය

7.8K 1.2K 860
                                    




"20"

"නෑ"

"30"

"නෑ.."

"එහෙනම් 35"

"නෑ නෑ නෑ!!"

මොන උත්තරේ දුන්නත් වැරදි තැන මාණික්‍ය මනරුව එයාගේ පැත්ත හරවා ගත්තා.

"අනේ එහේනම් කීයද? මේක අසාධාරණයි මනරු!"

මාණික්‍ය මූනත් ඇද කරගෙන කියවද්දි මනරුට හිනා.. එතකොට ඒ හිනාවත් එක්කම එයා මාණික්‍යගේ බෙල්ල වටේට අත් යවාගත්තේ අර පෙනුම ඇවිත් මුලු හදවතම වෙලාගන්න හිරියක් තරම් බැල්මකට වෙනස් වෙද්දි..

"ආදරණීය දේවල් ලබා ගන්න හිතන තරම් ලේසි නෑ මාණික්‍ය.. "

මූනට ලං වෙලා නහය උඩින් පොඩි හාදුවක් තියන ගමන් මනරු ඇත්තම පැහැදිලි කිරීමක් කරා.. ඉතින් මාණික්‍ය ගේ අත් මනරුගේ ඉන දෙපැත්තට ඇදිලා ගියේ ඉබේටමයි..

"එහෙනම් මම මොකක්ද කරන්න ඕනේ.. ඔයා කියන ඕන දෙයක් කරන්නම්"

මාණික්‍ය ඒ කිව්වේ මනරුගේ ඇස් දිහාම බලන්.. හිත ඇතුලෙන්මයි.. ඉතින් මනරු ගත් කටටම කිව්වේ..

"National team එකට යන්න.."

දුන්න ප්‍රතිචාරයට මාණික්‍ය තවමත් මුනිවත රකිනවා.

"මට එච්චරයි ඕනේ.. මගේ ජීවිතේට දකින්න පෙරුම් පුරන එකම දේ ඒක.. මං දන්නේ නෑ ඒත් ඒ දවසට කාටත් වඩා මං සතුටු වෙනවා මාණික්‍ය.. මගේ කැමරා එකට පන තියෙනවා නම් එයත් මාත් එක්ක එන සතුටට කෑගහයි.. "

මනරු කියවන හැම වචනේකටම මාණික්‍ය එයාව එන්න එන්න තද ගත්තා.. තද කරගෙන වෙනදාටත් වඩා බර හාදුවක් මනරුගේ නලල උඩින් තියලා මාණික්‍ය ගොඩක් වෙලා තොල් තද කරගෙන හිටියා..

"ඔයාට ඕනේ ඒක නම් මම මොන කට්ට කාලා හරි ඒක කරනවා මනරු.. ඔයා නැත්තන් අද මට ඉගිල්ලෙන්න තටුත් නෑ"

නලල උඩ ගෑවෙන තොල් හරිම උණුසුම් විදිහට මනරු අහන්න ආසම කරපු වචන තෙපලද්දි ඒ තත්පරේම වගේ මනරු එයාව බදාගත්තේ මහා අනර්ඝ වස්තුවක් ලැබුන තරම් සතුටින්..

"මගේ චන්ඩියා මේ වගේ ආදරණීය මනුස්සයෙක් කියලා මං කවදාවත් හිතලා නෑ"

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now