22 වන පරිච්ඡේදය

7K 1.2K 385
                                    



"මචං මං දැන් නුගේගොඩ ලග ඉන්නේ උබ Java Lounge එකේ හිටපං මං එන්නම්"

මාණික්‍යව දාලා සුපුරුදු වේගයෙන්ම රක්ෂිත ඇදුනේ නුගේගොඩට. ආයෙම ටුවර් එකක් පටන් ගන්නකල් එයාට යාලුවෝ හම්බවෙන්න තියන්නේ තව සති දෙකයි. ඉතින් මේ තකහනියක්ම යන්නේ ඒ වගේ ගමනකට.

කොහොම හරි රේඩියෝ එකේ යන සිංදුවක් ඇතුල් දෙදරන්නම දැන් දාගෙන හිටියේ මොකද මාණික්‍ය කන් පැලෙන්න සිංදු අහන්න කැමති නෑ. එයාව බැස්සුවත් වගේ රක්ෂිත මුලින්ම කරේ සිංදුවේ සද්දේ වැඩි කරපු එක. ඉතින් සිංදුවක් එක්කම නුගේගොඩට එන්න මහ වෙලාවක් ගියේ නෑ.

ඒ ලං වෙද්දිම ආයෙම යාලුවා ගෙන් call එකක් ආපු නිසා සිංදුව අඩු කරලා ෆෝන් එක කනේ තියන් වාහනේ නාවල පාරට හැරෙව්වා තමයි..

"ඒ බං I'm almost there wai-"

ඒ වුනත් කාගේ වෙලාවද නරක කියලා හිතා ගන්න බැරි විදිහට Java Lounge එක ඉස්සරහම කහ ඉර පැනපු ගෑණු ළමයි ටිකක් සීයට අනු නවයයි නවනයි නවයයි නවයයි ගානකට බේරලා හැප්පෙන්න ගිය එක රක්ෂීත නවත්ත ගත්තේ ඇත්තටම බය වෙලා. එතන ට්‍රෑෆික් පොලීසියත් ඉන්නවා.

"oh shit!"

තිබ්බ බයටම වාහනේ පැත්තකට කරලා එයා බැස්සා. වෙන මුකුත් නිසා නෙමෙයි එතන හිටපු කෙල්ලෝ හතර පස් දෙනාගෙන් එක්කෙනෙක්ව වාහනෙ ගෑවි නොගෑවි ගියපු නිසා.

"අනේ නංගී sorry කාටවත් කරදරයක් නෑනේ?"

මොනවා නැතත් කෙල්ලෝ ටිකත් එතනට ඇවිත් නතර වුනේ රක්ෂිතට දෙකක් අනින්න වගේ. කට්ටියම ඇදන් හිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ටී ෂර්ට්. ඉතින් හැප්පෙන්න ගිය කෙල්ල ඇති වුන තැති ගැම්මටම කට වහන් අවුලක් නෑ කියන්න ඔලුව වැනුවා.

"අවුලක් නෑ.."

"ආහ් එහෙනම් කමක් නෑ"

"අවුලක් නැති වෙන්නේ කොහොමද! උඩ බලන්ද හලෝ යන්නේ අච්චර වාහන නතර කරලා තියෙන තැන වාහනේ දැම්මේ!!"

හැප්පෙන්න ගියපු ගෑණු ළමයා පැත්තට ඇදගෙන ඒ කෑගැහුවේ වෙන කෙනෙක්. උස, උසට හරියන්නම මහතකුයි දිග කොන්ඩයකුත් තිබ්බා. රූපෙනුත් කිසි වැරැද්දක් කියන්න නැති තරම්.. අහිංසක පාට මූන හැබෙයි කට ඇරපු ගමන් ඒ ගතිය කොහෙන් ගියාද කියලා නෑ.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now