"මාව?"
පණිවිඩය ඇහූන ගමන් මාණික්‍යව නිකන්ම පුටුවෙන් නැගිට්ටුනා. අද එයාලගේ තරඟය තියනවා කියලා මාණික්‍ය හොඳටම දන්නවා. හරි නම් එයාලා දැන් යන්න ඕනේ.
"ඔව් ඔව්! අයියා යන්න එහෙනම් මං යනෝ!"
එකොලහා වසරේ කොල්ලෙක් ඒ කියලා දුවන්න හද්දි මාණික්‍ය ඒ කොල්ලගේ පිටි පස්සේ කොලර් එකෙන් ඇල්ලපු එකෙන් ඒ කොල්ලා නිකන්ම මග හිට්ටා.
"මගේ අම්මෝ ඇයි අයියේ?"
"කොතනටද එන්න කිව්වේ?"
මනරු එවලා තිබ්බේ හරිම අහිංසක කොල්ලෙක්ව. ඉතින් මාණික්‍ය ඒක අහපු විදිහට ඒ පොඩි එකා ටිකක් බය වුනා.
"ආහ් මේ නැටුම් කාමරේට එන්න කිව්වේ.. Sorry අයියේ ඈ"
ඒ කිව්වත් වගේ මාණික්‍ය කොල්ලව අත ඇරියා. හැබෙයි නැටුම් කාමරේට? එයා ජිවිතේට වැරදීලාවත් ඔය සෞන්දර්යය ගොඩනැගිලි පැත්තෙන් ගිහින් නෑ. ඉතින් හදිස්සි කිව්ව නිසා මාණික්‍යත් ඉක්මනට ගියා ඉතින්.. එයාට ඇවිදින්න මහ ලොකු වෙලාවක් යන්නේ නෑ ඒත් නැටුම් කාමරේ ලගට ගියත් වගේ ඉක්මන් අඩි හිතලම බාල කරේ එයාට හදිස්සියක් නෑ කියලා පෙන්නන්න වගේ.
කොහොම හරි එයාලගේ පන්තියේ ඉඳන් දැක්කා මිසක් ලගට ගිහින් එතන මොන වගේද කියලා මාණික්‍ය හරියට ලබාගත්තේ අද. හැබෙයි දෑන් එතන ටිකක් සෙනග..
"ළමයි ඉක්මනට ඇදගන්න අපි පැය භාගයකින් යන්න ඕනේ!"
නැටුම් සර් ගේ සද්දෙත් ඇතුලේ ඉඳන් ඇහෙද්දි පිටින් ගොඩක්ම ඇහුනේ වෙස් ඇදුම බාගෙට ඇඳන් හිටපු කොල්ලන්ගේ සිලම්බු සද්දේ.. ගොඩක් දෙනෙක් ආභරණ නැතුව ඇදුම විතරක් ඇදලා හිටියා. ඒත් සමහරක් ඇතුලෙ තවම අදිනවා. ඒ වුනත් මේ අස්සේ මනරු එයාට මොකට කතා කරාද? ඒකත් මේ ගොඩේ එයාව හොයා ගන්න මාණික්‍ය දැන් මනරුගේ නම කියලා කෑගහන්නද? බෑ මොකද මාණික්‍ය එහෙම කෑගහන කෙනෙකුත් නෙවෙයි. ඒත්,
"ආහ් මාණික්‍ය නේද? මනරු ඇතුලේ.. ඔයා යන්නකෝ ඇතුලට ගිහාම වම් පැත්තේ පොඩි කාමරයක් ඇති ඒකට යන්න"
"ආහ්?"
මාණික්‍යව දැක්ක ගමන් එතන හිටපු එක කොල්ලෙක් අදුන ගෙන කතා කරද්දි එතන හිටපු හැමෝම එයා දිහා බැලුවා මාණික්‍ය වගේ කෙනෙක් මොකද මෙතන කරන්නේ බලන්න.. ඉතින් බැලුවා කියලා එයාට නම් ගානක් නෑ එයා ඒ කා දිහාවත් බැලුවෙත් නෑ ඒත් ඇතුලට යන්න කිව්වම නිකන් මාණික්‍යට මොකක්ද මොකක්ද වගේ..
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.