84 වන පරිච්ඡේදය

6.2K 1K 376
                                    




ඉතින් ඒ නින්ද හරිම සාමකාමීයි.. අමාරුවෙන් නිදාගන්නවත් බලෙන් නිදාගන්නවත් අඩලා දොඩලා වැලපිලා හිතේ කාන්සාවෙන් වැටෙන නින්දටත් වඩා මාණික්‍යට මේ නින්ද හරිම සාමකාමියි.. සැනසීම්සහගතයි..

"අක්කලා ආවද අයියේ? වෙලාව මිස් වුනේ නෑනේ?"

"නෑ නෑ එයාලා ගානට වෙලාවටම ගිහින්"

අවසිහියෙන් අඩ සිහියට.. අඩ සිහියෙන් පියවි සිහියට.. හරි සනීපෙට නින්ද ගිය මාණික්‍යට ටිකෙන් ටික භාහිර ලෝකේ කටහඩවල් කනට ඇහුනත්, ඒවා තාමත් බොඳයි. ඇත්ත.. හොඳ නින්දකට පස්සේ මනුස්සයෙක්ට එක පාරටම නැගිටින්න බෑ තමයි.. ඒත් මාණික්‍යටමයි කියලා දෙයියෝ එවපු අවදිකරන්නියක් දැන් මේ ලෝකෙට ඇවිත් තියෙන නිසා ඒ වැඩේ ලේසියි.. ඊටත් ඒ හුරුබුහුටි කම්මුල් පහර,

"අනේ මගේ මැණිකේ බාප්පිට ගහන්න එපා බාප්පි ඌවා වෙලානේ..! පව්නේ තුදු බාප්පි.. ගහන්න එපා වස්තුවේ"

ඉතින් උපනිගේ හුරතල් අතින් වැදුනු කම්මුල් පාරත් එක්ක මාණික්‍ය ආයෙම සැරයක් ගැස්සිලා පියවි සිහියට දුවන් ආවා කිව්වොත් රක්ෂිත එයාගේ චූටි දුවගේ අතත් එයාගේ අතට ලාවට ගුලි කරගෙන මාණික්‍යගේ කම්මුල දුවට තරවටු කරන ගමන් ඒ සිගිත්තියට පේන්න අත ගෑවා.

"අපෝ නෑ..! ඔහොම පාරක් නැත්තන් ඔය බාප්පි නැගිට්ටන්න කොහොමත් අමාරුයි! ඒ උනාට ඒක නෙවෙයි චූටි දූ තව මාමෙක් ඉන්නවා අන්න එයාටත් ඔය විදිහට ෂොට් එක දෙන්න පුළුවන් තව වටිනවා!"

කටහඩවල් වල අයිතිකාරුවන් හොයා ගන්න එක මාණික්‍යට මහ දෙයක් නෙවෙයි.. ඒවා දැන් හරියට ඉපදුන දවසේ ඉඳන් ඇහුනු කටහඩවල් වගේ.. ඉතින් එයා ඇස් පොඩි කරන ගමන් ඇද පත්තට හේතකතූ වෙන්න යද්දි රක්ෂිත දුවවත් වඩාගෙන වුනත් බාල සහෝදරයාට උදව් කරා කිව්වත් දැන් මාණික්‍යට දැන ගන්න ඊට වඩා දෙයක් තියෙනවා..

මොකද ඇස් පියාගනිද්දි දැක්ක රූපේ දැන් එයාට පේන මානයේ නෑ..

"කෝ මනරු..?"

ඉතින් දැන ගන්න ඕනේ.. මුලින්ම දැන ගන්න ඕනේ.. සිහිය ආපු ගමන් දැන ගන්න ඕනේ.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now