72 වන පරිච්ඡේදය

4.2K 793 196
                                    





මාණික්‍යගේ ඇස් දෙක ලොකු වුනා ඒක එයාට නතර කර ගන්නත් බෑ.. ඒත් වෙලාවේ හොඳකමටම වාසු හිටියේ එයාට පිටු පාලා නිසා.. තමන්ව සාමාන්‍ය තත්වයට ගන්න මාණික්‍යට සුලූ වෙලාවක් හරි ඉතුරු යි.

"මං මාණික්‍ය පුතාව කාටත් වඩා විශ්වාස කරනවා"

ඉතින් තමන්ට හුස්ම ගන්නත් අමතක කරපු වාසු මේ පැත්තට හැරෙනවා කියලා දැනෙද්දිම මාණික්‍ය කරේ මොන දේ කරලා හරි තමන්ගේ පෙනුම සාමාන්‍ය විදිහට ගන්න.. නැත්තන්.. වාසු කියන ඒ ආදරවන්තයා එයා ඉස්සරහම ඇස් පනාපිටම දැලට කොටු වෙනවා.

"සුවහස්ට තව වයස තියෙනවා.. ගැලපෙන කාලෙට ගැලපෙන පරස්තාවක් කරලා දෙන්න මට පුලුවන් මාණික්‍ය පුතා.. කොහොමත් ඒක අපේ වගකීමනේ.. මාණික්‍ය පුතාට කියලත් එහෙම වෙනසක් නෑ.. ඒත් සුවහස් බබා කියලා කතා කරන්නේ කාටද?"

"ආහ්..?"

"සුවහස් බබා කියලා කතා කරන්නේ කාටද? මං දන්න තරමින් එයා ඒ තරම් ආදරෙන් මනුස්සයෙක්ට කතා කරලම නෑ..! යාලුවෝ වෙච්ච ඔයාලා ඒ ගැන නොදන්නවා නෙවෙයිනේ නේද මාණික්‍ය? "

කකුල් දෙකට පන නෑ.. ඒත් මාණික්‍ය උරහිස් කෙලින් තියාගෙන කතා කරන්න පෙලබුනේ ඉස්සරහට මොනවා කිව්වත් ඒකේ වචන වල වගකීම භාර ගන්න එයා ලැහැස්තියි කියලා පෙන්නන්න.

"මාමා.. මං.. ඇත්තටම දන්නේ නෑ.. "

" හ්ම්ම්..! එහෙනම් මේක අහගන්නකෝ.. සුවහස්ට කෙසේ වෙතත් මේක එයා පැටලිලා ඉන්න දරුවට මතක් කරලා කියන්න..! දැන් බයටම දන්නේ නෑ කිව්වට මං දන්නවා කවුරු නැතත් ඔය දරුවා දන්නවා ඇති කියලා.."

ඉතින් මාණික්‍ය එයාගේ බැල්ම කෙලින්ම තිබ්බේ වාසුට..

"ආදරේ කරන එකේ වැරැද්දක් නෑ ඒත්..! නොමග යන එක වැරැද්දක්..! නොමග ගියත් හරි විදිහට නොමග යන්න දෙන්නටම බලාගන්න කියන්න පුතා"

කොහොමද ඒකට විරුද්ධත්වයක් හෝ පක්ෂපාතීත්වයක් දෙන්නේ මාණික්‍ය එතනම ගල් ගැහිලා ඉවරයි. ඒ වචන මොන විදිහට කොහොම තමාට අදාල කරගන්නද කියලා හිතන්න බයයි.. බයත් වඩා සැකයි..

" හරි.. මාමා මං.. කියන්නම්.. "

"ම්..! බොහොම හොඳයි.. පුතා මගේ විශ්වාසය කඩන එකක් නෑ කියලා හිතනවා.. ඉස්සරහට එහෙම සම්බන්ධයක් ගැන මට ඉව වැටුනොත් මං එදාට අල්ල ගන්නේ ඔක්කොටම කලින් මාණික්‍ය පුතාව.. මොකද මං සුවහස්ට තාම මේ ගැන එක වචනයක් කියලා නෑ.. මට තාම ඕන කරන්නේ එයාව මගේ මැදිහත් විමකින් තොරව හදා ගන්න.. තේරුනාද මාණික්‍ය පුතා? "

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now