10 වන පරිච්ඡේදය

7.5K 1.2K 271
                                    





ඉන්ටර්වල් එක වෙලාවේ මාණික්‍ය අතුරුදහන් වුන තැන. තාම ඇවිත් දවස් තුනක් වුන එයා නොදන්න ඉස්කෝලේ ඔලුව මේ පැත්තට යන්න අර පැත්තෙන් යන්න කියලා පෙන්නපු පාරවල් දිගට ගිහින් හොයා ගත්ත වැඩිය කවුරුත් ගැවසෙන්නේ නැති තැන දී සාක්කුවේ දාගෙන ආපු ෆෝන් එක අරන් කාටද Whatsapp කෙටි පණිවිඩයක් තිබ්බා.

තනියම ඇවිත් මෙච්චර රහසේ කට්ටි පණිවිඩ තියන්න තරම් ඒ වෙලාවෙ මනරුගේ හිතේ මොන තරම් ගැස්මක්, කලබල වුනත් කලබල නෑ කියලා පෙන්නන්න හදන හිතක් තිබ්බද කියලා දැන ගන්න වටිනවා.. කොහොම හරි ඒ කෙටි පණිවිඩය යැවුනේ පොඩි අයියා කියන නමට. ඒ කියන්නෙ රක්ෂිතට..

'ayya I think my watch is broken..'

විනාඩි දෙක තුනක් ගෙවුනත් තාමත් ප්‍රතිචාරයක් ආපු නැති පණිවිඩය දිහා මාණික්‍ය ඇස් පිය නොහෙලා බලන් හිටියා.. ඒත් ඊලග තත්පරේම ඒ පණිවිඩය කියෙව්වා කියලා තිරය පෙන්නනකොට හරි ඕන කමින් ඊලගට වැටෙන උත්තරය එනකල් ඇස් දල්වගත්තා.

'why what happened mani?'

'don't know.. E watch eka waradi dewal penannawa.. Specially the heart beat counter'

'oh really? Wait a sec I'll call you'

ඒ කියලා තත්පර ගානක් ඇතුලත මාණික්‍යට ඇමතුම ආවම මෙතනට ආවේ හොඳ වෙලාවට කියලා එයාටම හිතුනා.

"දැන් කතා කරන්න පුලුවන්ද කියන්න"

"ම්.. ෂේප්"

"okay.. So මාණි ඔය වොච් එකට ට්‍රැක් පනින්න තරම් ඔයාගේ පපුව ගැස්සුනේ මොනාටද?"

"what? No no එහෙම දෙයක් නෙමෙයි පොඩි අයියා මං හිතන්නේ මේක කැඩිලා"

මාණික්‍ය කතා කරේ හොරෙන්. හැබෙයි රක්ෂිතගේ පැත්තෙන් ආවේ මහ හොර හිනාවක්.

"මම දැන් යන්න ready වෙනවා බබා but මේ ඇහෙන ඒවත් එක්ක call එක තියන්න හිතෙන්නේ නැ"

"ඔයත් ලොකු අයියා වගේ විකාර කියවන්න ගත්තද ඒ පාර??"

" ඔහෝ..! So ලොකූත් මොනාම හරි දන්නවද? Okay wait.. දැන් මොනාද වොච් එක කියන්නේ? ඔයාගේ හදවත ගැලවීලා විසික් වෙන තැනටම ගැහෙනවලුද?"

ඒ අහද්දි මාණික්‍ය ඇස් උඩ යැව්වා.. ඒ එක්කම ඇග බේරෙන උත්තරේකුත් එක්ක.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now