68 වන පරිච්ඡේදය

5.3K 934 403
                                    






"මට වෙරි නෑ.. මං හොඳ සිහියෙන්..!"

දැන් ටිකකට කලින් වෙච්ච දේවල් වුනත් පබසරගේ වෙරි හිදෙන්න ඕනාවටත් වඩා ප්‍රමානවත්. ඉතින් ආයේ ආයේ අසිහියට එයාගේ මනසේ රජ කරන්න බෑ මොකද මේ ඇහෙන දේවල් ඒකට ඉඩ නෑති කරනවා.

"ම්.. හොඳ සිහිය නම් දෑන් මේ වෙන දේවල් ආයේ කවදාවත් අමතක කරන්න එපා"

දැනටමත් තමන්ගේ අත් වලට පබසරගේ මුරණ්ඩු හැසිරීම නිර්මල යටත් කරන් ඉවරයි. ඒත් බැල්ම.. අර සන්සුන් පෙනුම යට රජ කරන ආධිපත්‍ය පතුරන ඇස් වලින් අර යටත් විජිතය නිහඩ කෙරෙව්වා කෙසේ වෙතත් හොඳ සිහියට මතක හිටින මුලු ඇගම දවන දඩුවමකට ගෙල පාමුල තොල් අරන් ගියේ පබසරගේ ඇස් ලොකු වෙද්දි..

ඒක බලාපොරොත්තු නොවුන දෙයක් වුනත් මේ දැනෙන විදිහට මුලු ඇගම අවුලන ස්පර්ශයට විරුද්ධව මුරණ්ඩු කම මොන විලාපේ දුන්නත් හිතයි ගතයි ඒ නිර්මල ස්පර්ශය ලග දනින් වැටිලා ඉවරයි.

"එප්.. පා.. හ්.."

"එපා..?"

නෑ එතන තිබ්බේ ප්‍රතික්ෂේපයක් නම් නෙවෙයි.. ඒක ඒ පාර්ශව දෙකම හොදාකාරව දන්නවා.. ඒ නිසාම තමයි මහ වේගයෙන් හද ගැස්ම ඇහෙන තැනින් ඈත් වෙලා කන්දම් බැල්මකින් නිර්මල ඒ බොරු කිව්ව තොල් දිහා බැලුවේ.

"බොරු කියන්න ඕනේ කාටවත් ඇල්ලෙන්නේ නැති විදිහට නෙවෙයි දෑක්කත් රැවටෙන විදිහට.."

ඉතින් දැක්කත් රැවටෙන එක කෙසේ වෙතත් බොරුවක් කියන නාමෙට ගරුත්වයක්වත් දෙන්නවත් පබසරට එයාගේ පෙනුමෙන්වත් බෑ. ඒකට නෑ කියන්න එයාටත් බෑ ඒත්,

"මගේ හිත පාරන්න එපා"

පබසර කිව්වේ කවදාවත් නැති අසරණකමකින්.

" ඇයි දරුවෝ මං එහෙම කරන්නේ.?? මට ඕනේ ඔයාගේ හිත තව තව මගෙන් පුරවන්න..! මට. මට මං කොච්චර ආස වුනත් දරුවෙක් හදන්න බෑ! ඉතින් ගෑණු ගන්න බෑ! අරගත්තත් මට දුක් දෙන්න බෑ! එහෙමයි කියලා මට පිරිමි ඕනෙත් නෑ ඒත් මට ඔයාව ඕනේ.. හැම පැත්තෙන්ම හිර වෙලා කර ගන්න දෙයක් නැතුව ඉන්නකොට  මට සහනයක් දීපු එකම මනුස්සයව මට ඕනේ දරුවෝ.. මොනවා කරලා හරි මං එයාව මගේ ලගට ගන්නවා.. මම.. ඒ තරම් ආත්මාර්ථකාමීයි! මගේ පවුලේ මිනිස්සු රවට්ටලා බලන් ඉන්න මිනිස්සුන්ගේ ඇස් වහලා මුලු ලෝකෙටම බොරු කරන්න තරම් මං පුදුම ආත්මාර්ථකාමීයී..!!"

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now