74 වන පරිච්ඡේදය

4.9K 898 208
                                    




එතකොට.. ඔලුවේ තිබුනු ලොකු බරක් මේ වෙද්දි නිදහස්. අර විභාග මානසිකත්වය.. ඒක දැන් ගහන් ගිහින් ඉවරයි.. කුඩුවෙන් ඇරපු පරවි රැල දැන් පුදුම නිදහසකින්.. මේ නිදහස් කියන වචනය ලගම ඥාතියා සතුට නම් ඒ සතුටට තව තවත් සතුටු පැන් ඉහින දවස ආවා නම්..

ඉතින් කොළඹ නගරය මධ්‍යයේ නැගිහිටින තරු පහකට අයිතිවාසිකම් කියන හිල්ටන් හෝටලයේ අද ඒ මල් වරුසා වහින දවස හැඩ වුනා කිව්වොත්.. දෙපැත්තට බෙදුනු උඩරට වෙස් ඇදුමින් සැරසුනු නර්තන ශිල්පීන් හය දෙනෙක් හරි තේජාන්විත විදිහට අත් විහිදන් ඉද්දි සක් හඩකින් පලාතම රැව් දෙන ගමන් මගුල් බෙර වාදනය පටන් ගත්තේ වාසු රමණි මධ්‍යයේ අත් පටලන් අනගි ඉස්සරහට අඩිය තියද්දි..

"හිස සිට දෙපතුල මනාල කුමරිගේ
ලස්සන ගති සලකුණු ඇතේ..
රන්වන් දිලිසෙන ඇගේ වත දුටුවම
සක්‍ර දෙවිදු වුය වශීවෙතේ..

නීල වර්ණ වූ කේෂ කලාපය
දෙපතුල තෙක් ඇති ලෙසට පෙනේ
ගිරිහෙල් මුදුනින් වැටෙනා ජලකඳ
ඒ වරලස ලෙස නැහැ වෑහෙන්නේ..

මුතු පොට නවලා ඔසරිය ඇඳලා
සත්කඩකට ඉන නෙරිය තියාලා..
මාල හතක් මැද මුතු පොට අමුනා
ඉර හඳ බලයෙන් ජය සෙත වේවා.."

ආඩම්බර තාලෙන් ඉස්සරහට අඩි තියන ඉදිරිපිට නර්තන ශිල්පීන්ගේ කටහඩෙන් සැරසෙන පාරේ දෙපැත්තෙන් ඉස්සරහම ඉන්න නර්තන ශිල්පියන් දෙන්නාගෙන් එක්කෙනෙක් තමන්ගේ ඉදිරිපිට ඉන්න අනගී දිහත් වාසු රමණි දිහත් බලලා සතුට ඉතිරෙන හිනාවකින් හිනා වෙද්දි නෙලුම් මල් කලඹ අල්ලන් හිටපු අනගිගේ අතක් තෙමීගෙන ආපු ඇස් පිටට ගියේ කොච්චර රණ්ඩු වුනත් අද එයාගේම බාල සහෝදරයා තමන්ව මගුල් පෝරුව ලගට එක්කන් යන මගුල් කවි කියන විදිහ ඇස් නොතෙමා බලන් ඉන්න බැරි නිසා..

ඒ යද්දිත් රක්ෂිත හිටියේ මගුල් පෝරුව දකුණු පැත්තේ හිටගෙන.. තමන්ගේ කියන රූබරිය මගුල් පෝරුව උඩ හමුවෙන හදවත ඉපිලෙන සතුටින්.. ඉතින් අමුතුම සුදකින් දිලිසෙන ජාතික ඇදුමින් සැරසිලා හිටපු රක්ෂිතගේ රූවරුන ගයන්න වචන මදි තරම්.. ඒ ඇදුමටම සමාන වුනත් පාටින් ඊට ටිකක් තද වර්ණයෙන් සැරසිලා හිටපු මාණික්‍ය වගේම නිර්මල ඇත්තම වාත්තු කරපු රූප වගේ..

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now