93 වන පරිච්ඡේදය

5.2K 905 284
                                    





ඉතින් හරියටම අවුරුදු දෙකයි මාස හයයි.. විසුද් තාරුණ්‍යය දේවප්‍රිය ඉපදිලා මාස හයයි.. එයාව වදපු අම්මා තවත් කෙනෙක් එක්ක තිබුනු සම්බන්ධයක් නිසා නිර්මලගෙන් දික්කසාද වුනා..

ඇත්තටම එහෙමයි කියලා ඒ අත දරුවට තමන්ගේ අම්මව නම් මතක නෑ.. අඩුම ඒ කටහඩවත්.. ඉතින් ඔය සේරම පිරෙව්වේ එකම එක්කේනයි.. ඒ කියන අම්මත් තාත්තාත් දෙන්නම දැන් එකම කෙනෙක්.. ඒ නිසාම දැන් ඒ පවුල එක ගිනි ගොඩක.. අවුල් ගොඩක.. ප්‍රශ්න ආව නම් ඒ පවුලට ප්‍රශ්න ආවේ එක පිට එක.. මොකද,

"ලොක්කා"

දොලහත් පහු වෙලා.. ඒත් දාලා තිබුනු රූපවාහිනි නාලිකාව තවමත් වැඩ. වැඩ කිව්වට කිසිම වැඩසටහනක් නොවී වැඩ.. දැන් ඒ නාලිකාවත් නිදි.. ඒත් පබසර,

"ලොක්කා?"

රූපවාහිනීයේ සද්දේ විතරක් ඇහෙන වෙලේ..

"ලොක්කා මාව ඇහෙනවද?"

බුද්ධික මුලින්ම කතා කරේ අඩි දෙක තුනක් පිටිපස්සේ ඉඳන් නම් දැන් තමන්ට පිටු පාලා සෝෆා එක මැද්දේ ඔහේ ගල් පිලිමයක් වගේ ඉඳන් ඉන්න තමන්ගේ පුතා ලගට සැකෙන් අඩිය තිබ්බ එක.. මොකද එයා කොච්චර කතා කරත් ඒ කියන කිසී දේකට ප්‍රතිචාර දුන්නේ පබසර නෙවෙයි.. ඒත් එයා ඇස් ඇරගෙන.. ඒත් සිහියෙන් වෙන තැනක ඉඳගෙන..

"ලොක්කා..."

ඉතින් බුද්ධිකට නොතේරුනා නෙවෙයි.. එයාගේ පුතාගේ මේ වෙනස එයාට තේරෙන්න ගත්තේ මිට ටික කාලෙකට කලින්.. ඒත් දැන් වෙන්න තියෙන ගොඩක් දේවල් වෙලා ඉවරයි. හරියට,

"ලොක්කා.. අපි tv එක off කරමු"

"ආහ්.. තාත්තා"

බුද්ධික ඒ කියලා පබසර අතේ තිබුනු රිමෝට් එක එයාගේ සන්තකේට ගනිද්දි තමයි පබසර මේ ලෝකේ හරි සිහියට අඩිය තිබ්බේ..

"ඔයාට කතා කරන්න ඕනේ නම් මාත් එක්ක කතා කරන්න ලොක්කා.. ඔහොම නම් ඉන්න එපා මං කියලා තියෙනවනේ.. අම්මා කියන දේ-"

"මාණික්‍ය නිදිද?"

බුද්ධික අතින් එකම චිරි චිරි සද්දෙන් කෑගහන රූපවාහිනිය ක්‍රියා විරහිත වෙලා යනකොට.. ඊටත් බුද්ධික අතේ තිබුනු ජංගම දුරකථන තිරය උඩ මග හැරුනු ඇමතුමක් පාට වෙලා යනකොට පබසර එයාගේ තාත්තා කියන්න හදපු දේ හරස් කරලා ඒ ප්‍රශ්නේ ඇහුවේ එයාට තවත් ඒ වචන අහන්න ඕනේ නැති නිසාද මන්දා..

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now