89 වන පරිච්ඡේදය

5.6K 925 272
                                    







ඉතින් ඒ කලබලකාරී කෙටි කාල වකවානුව එසේ නිමා විය කිව්වොත්,

"චූටි පුතා කැමතිද මාමිගේ dancing class යන්න? ම්?"

මනරුට හිතුවා වගේම එයා කැමති වුනු නැටුම් කලායතනය පටන් ගන්න පුලුවන් වුනා කිව්වොත්.. හැමතිස්සෙම හැම දවසකම හැම මිනිත්තුවකම තමන්ගේ පිටි පස්සෙන් හෙවනැල්ල වගේ වෙන්න ඕනේ මොනාද කරන්න ඕනේ මොනාද බලන්න  මාණික්‍ය කියලා නම් දරපු ආදරවන්තයෙක් එයා ලගම ඉන්නකොට.. මනරුට එයාගේ හීන ඇස් ඇරගෙන බලන්න වාසනාව තිබුනා..

ඉතින් පටන් ගන්න විතරක් නෙවෙයි ටික ටික එතනට ළමයි පිරෙන්න ගනිද්දි.. ඇත්තටම සතුටුයි..මුලින් කර ගන්න බැරිවෙයි කියලා හිතපු දේවල් වලට දැන් පුලුවන්.. පුලුවන්.. කියලා හිතෙන මට්ටමට තමන්ගේ හීන දුවද්දි.. ඒකට හොඳටම බලපෑවේ එතන ඉන්න නර්තන ගුරුතුමා.. ඇත්තටම මනරුගේ දක්ෂතාවයට විතරක් නෙවෙයි නැටුම් ගුරුතුමාගේ රූප සොබාව දකින කෙලාලන් තමයි ඒ ආයතනයට වැඩිපුරම ගලන් ආවේ..

ඊට අමතරව දෙතුන් පාරක් විතර එතන ක්‍රිකට් තරුවක් පායද්දි ඊටත් ඒ මාණික්‍යම වෙද්දි.. ඉදලා හිටලා පබසරත් එතනට එද්දි.. ඇත්තටම මනරුට ඒ ආයතනයේ සුභසිද්ධිය උදෙසා කොහෙත්ම දැන්වීමක අවශ්‍යතාවක්වත් ආවේ නෑ.

ඉතින් දැන් තාත්තායි පුතයි ලොකු කතාවක.. මොකද නිර්මල මේ නුවරඑළියේ ඉඳන් ආවා විතරයි.. චූටි විසුද්ට අද පබසරත් නැති පාලුවට එයා තාත්තා ආපු වෙලා ඉඳන් අතින් බහින්න හිතුවේ නෑ..

"විසු එනවද මාමි ගාවට නැටුම් ඉගෙන ගන්න?"

"චූටි පුතා ආසයි නේ..?"

තාත්තාට අමතරව එතන මනරුත් හිටියා. හතත් පහු වෙලා දැන් ඒ දෙන්නම බලන් හිටියේ දෙන්නම බලාපොරොත්තු වෙන රූප දකින්න කිව්වොත් ඒ දෙන්නම දැන් හිටගෙන ඉන්නේ ගෙදර රූපවාහිනීය ඉස්සරහා.. මොකද දැන් මිනිත්තුවකට කලින් මේ ලගකදි පබසර සන්නාම තානාපති විදිහට එතකු වුනු රටේ නම ගිය සිසිල් බීම සන්නාමයක වෙලඳ දැන්වීමක් ඒ තිරය උඩ ප්‍රචාරණය වුන හේතුවෙන් අද දවසෙම නැති පබසරව චූටි පුතා බලාගත්තේ රූපවාහිනියෙන්.. ඒකත් ඒ වෙලද දැන්වීමෙන්.. ඉතින් ඒ දකින වෙලාවට ඒ වෙලද දැන්වීමේ ඇහෙන සංගීතයට චූටී විසුද් නිර්මල අතේ ඉඳන් පබසරව පෙන්න පෙන්න නටනවා.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now