66 වන පරිච්ඡේදය

5K 941 184
                                    







හිතේ මොනවා තියාගෙන පබසර එහෙම කිව්වද කියලා මාණික්‍යට හිතා ගන්න බෑ.. එහෙමයි කියලා පබසරගේ මූනේ කිසිම වෙනසක් වෙනවත් එයා දැක්කේ නෑ..

"හෙට one Galle face යමු?"

මේ දේ එක පාරටම හිතපු දෙයක්. අර ගෙවුනු වදකාරි තත්පර ගාන පහු කරන්න මාණික්‍ය එක පාරටම අහද්දි මනරුට නම් මුලින්ම උත්තරයක් දෙන්න බැරි වුනා. හැබෙයි පබසර,

"ආහ් ඒ බං හෙට මං කොහොමත් ඒ පැත්තේ යන්න ඉන්නේ"

"උබ කොහෙද මට හොරෙන් රවුම් ගහන්නේ?"

ඉතින් පොල් ගෑමට අධිපති මනරු මේසෙට අල්ලලා හිර කරපු හිරමනේ හැන්ඩ්ල් එක දැන් කරකවනවට වඩා වේගයෙන් කරකන ගමන් ඇහුවේ පොඩි ඉරිසියාකාරයාක් වගේ.

"ඒකනේ"

ඒකටම මාණික්‍යත්.

"ආ.. මේ හෙට ඉරිදා නිසා උදුල ඇහුවා රවුමක් ගහන්න යමුද කියලා.. ඉතින් උබලා දෙන්නත් වරෙන්! කවුද දන්නේ ඉතින් උබලා හෙට free කියලා හුහ්"

වැටෙන පොල් කෑල්ලක් කටේ දාගන්න ගමන් පබසර ඒ කියනකොට මනරු ඉතින් කට හදාගත්තා.

"කවුද දැන් ඔය උදුල කියන්නේ? මං කලින් අහලා නෑනේ..! අපේ ඉස්කෝලේ නෙවෙයිනේ"

"නැ බං ඩී * එකේ! ඌ අපේ team එකේ ඉන්නවා මාණික්‍යත් දන්නවා.. නේහ්? මුන් දෙන්නා තමයි pair එක"

"ම්.. "

පබසර තව පොල් කෑලකරක් අරන් මනරුටම කවන ගමන් කියද්දි මාණික්‍ය සුපුරුදු පරිදි හුමිටි තිබ්බා. බර බරේ ගියාට මොකෝ මනරු පොල් කෑල්ලක් කෑවා. ඉතින් දැන් වෙන්න හදන්නේ මනරුට දවසෙම පොල් ගාන්න වෙන වැඩක්. මොකද පොල් බෑයෙන් බාගයක් විතර මේ වෙද්දි පබසරගේ බඩේ.

"හා හා මාණික්‍ය එහේනම් අපිත් යමු බලන්න මෙයාගේ අලුත් යාලුවව! මිනිහා කොහොම කනක් ඇහිලා ඉන්නවද දන්නැ මූ එක්ක!"

"අනෙ පලයං!"

කොහොම හරි අන්තිමට මනරු ඒ අස්සෙන් වෙන නිශ්ශබ්දව යන පොල් කෑලී මංකොල්ලය නවත්තලා දෙන්නවත් ඇදගෙන උඩට ගියා. එතනින් එහාට කියන්න දෙයක් නෑ සුපුරුදු පාඩම.. ඒ අතරින් පතර කයිය.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now