02

1K 148 33
                                    

" බාප්පේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" බාප්පේ.. "

මන් ප්‍රධාන දොරෙන් ඇතුල් වෙලා රෙස්ට් හවුස් එකේ මැද කොරිඩෝව දිගේ ඇතුලටම ඇවිදගෙන ගියා.. එහෙමම කුස්සියට යන්න තියන කාමරේ ඇතුලෙන් ගිහින් කුස්සියට ඔළුව දැම්මා.. මගේ අනුමානේ ටක්කෙටම හරි.. බාප්පා ඉන්නවා කුස්සියේ ඉදි ආප්ප තම්බන එලිසා නැන්දා එක්ක කදේ දාගෙන.. ඉතින් කැශියර් එක හොරාකාගෙන මිනිස්සු යන එක අහන්නත් දෙයක්ද..

ජීවිතේ සමහර විට ආච්චි ට පස්සේ මම ආදරේ කාටද ඇහුවොත් ඇත්තමයි මට මතක් වෙන්නේ අපේ බාප්පව.. එයා ඒ තරම් හොඳ මනුස්සයෙක්.. මම ලංකාදීපේ දාලා යන්න බෑ කියද්දි බාප්පා තමා කිව්වේ මන් ඉන්නවානේ අම්මා එක්ක කොල්ලව බලා ගන්නම් අයියේ කියලා.. ඒකෙන් මේකෙන් මන් ඉතින් ෆුල් නිදහසේ හැදී වැඩුණා.. ඒත් වෙලාවකට හිතෙනවා මගේ අම්මාටයි අප්පච්චිටයි වඩා බාප්පා මට ආදරේද කියලා...උදේට කෑවද අහන එකේ ඉදන් හැම මඟුලක්ම මැසේජ් දදා අහනවා.. ජීවිතේ කොයිතරම් සංකීර්ණ වුණත් දරාගෙන් හිනාවෙන්න බාප්පා හොඳට දන්නවා..

අමතරව තියන අපේ මහ ගේ තිබ්බ ඉඩම තමා බාප්පා රෙස්ට් හවුස් එකක් විදියට හැදුවේ.. ආයේ අහල ගම් හතම හෙල්ලිලා යනවා රෙස්ට් හවුස් එක දැක්කම.. AC room පහයි, Non AC room හතරයි, උඩ තට්ටුවේ party hall එකයි, පිටිපස්සෙන් Tamil වෙඩින් හෝල් එකයි, අපරාදේ කියන්න බෑ ඇටෑච් බාතෘම්, පර්සනල් ටීවී, ඩයලොග් කනෙක්ශන්, යකූ සුපිරි තරු හොටෙල් පරාදයි.. සීසන් එකට නම් හුස්මක් ගන්න බැරි තරම් සෙනඟ.. ඒ දවස් වලට ඉතින් කෙලින්ම කේටරින් ඕඩර් එක දානවා.. ඒ ඇරුණම අනිත් දවස් වලට එලිසා නැන්දා එයාගේ මහත්තයා එක්ක එක එක Menu හදලා ඉන්න අයට දෙනවා.. ආයේ කෑම නම් එලිසා නැන්දා.. ඇස්වහක් කටවහක් නෑ ඒ අත් දෙක රස කඳක්..

NONIMI🌷✅Where stories live. Discover now