20

684 122 26
                                    

අලුත් තැනකට නවතින්න එනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අලුත් තැනකට නවතින්න එනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි.. ඕනිකරන හැම බඩුවක්ම සල්ලි වලට ගන්න ඕනි.. එක්කෝ ඒ දේවල් තියන තැනක නතර වෙන්න ඕනී..

ශාන් ටත් මේ කොළඹ වෙන නවතින්න තැන් නෑ වගේ තෙහස් අයියලා ඉන්න අපර්ට්මන්ට් එකේම එයාලාගේ ෆ්ලෝ එකේ එහා පැත්තේ ගෙදර අරන් තිබ්බා.. ඒකේ ඉදලා තියෙන්නේ තරුණ කපල් එකක්.. එයාලා අවුරුදු පහකට රට යන නිසා ඒක රෙන්ට් කරලා.. මන් කල්පනා කලා අපර්ට්මන්ට් එකක ගෙයක් රෙන්ට් කරන්නත් පුළුවන් ද කියලා.. ඇයි ඉතින් ඕවා සල්ලි දීලා අරන් ජීවත් වෙනවා මිසක් මොන මනුස්සයාද රෙන්ට් කරන්නේ.. ඒමයි කියලා ඔය රෙන්ට් එකට අරන් තියෙන්නේ යස අගේට..

මම බෑග් මලු දෙකක් අතින් අරගෙන දොර ඇරගෙන ගේ ඇතුලට ගියා.. මගේ අත දැන් හොඳටම හොඳ නිසා මට බර උස්සන්න පුළුවන් වුණා..

ඒ ගෙදර හරි ලස්සනයි.. කාමර දෙකයි, ඇටෑච් බාතෲම් එක්ක, පොඩි ලිවින් රූම් එකයි, ඒකටම ඇටෑච් කරපු කිචන් එකයි.. මට ආස හිතුණා.. සවුන්ඩ් පෲෆ් නිසා පාරේ යන වාහන වල සද්ද මුකුත්ම ඇතුලට ඇහුණේ නෑ..

මම බෑග් දෙක සෝෆාව ළඟින් තියලා ඒ ළඟම තිබ්බ කාමරයක් ඇරගෙන ඒ ඇතුලට ඇවිදගෙන ගියා.. ඒ කාමරේ එච්චර ලොකු නොවුණට හරි හුරුබුහුටි පෙනුමක් තිබ්බා.. තනි සුදු පාට කබඩ් එකයි, සුදු මේසෙයි, එක්ක ලොකු ඩබල් ඇදක්.. ඇත්තටම ලස්සනයි කියලා මට ආයෙම පාරක් හිතුණා..

කාමරේ පුරාම ඇස් යවපු මම උඩ ඉදන් පහලටම දාපු කර්ට්න් එක ළඟට ඇවිදන් ගිහින් ඒක ඈත් කලා.. ලොකු වීදුරු ජනෙල් දෙකක් තිබ්බා.. ඊට ඉස්සරහින් යකඩ කූරු වලින් හදපු ග්‍රිල් දොරක් තිබ්බා.. ඒකේ ලොක් එක පන්නලා මම ඒකයි වීදුරු ජනේලෙයි ඇරලා එතනින් එළියේ බැල්කනි එකට ඇවිදගෙන ගියා..

NONIMI🌷✅Where stories live. Discover now