06

823 120 28
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අළුත් අවුරුද්දක්, අළුත් බලාපොරොත්තු එක්ක, මේ පටන් ගත්තේ මගේ කැම්පස් ජීවිතේ දෙවනි අවුරුද්ද..
හැමෝම අලුත් අවුරුද්ද කිව්වම කියන්නේ අලුත් බලාපොරොත්තු එක්ක පරන දේවල් අමතක කරලා ඉස්සරහට යන්න පටන් ගන්නවා කියලා.. යකෝ එහෙම ආවා නම් අම්මා අප්පච්චි ත් අමතක කරලා ඉස්සරහට යෑමක්නේ තියෙන්නේ.. අනේ මල විකාර.. මම නම් කියන්නේ පරණ දේවල් සේරම මතක තියාගෙන ඒවයෙන් පාඩම් ඉඟන ගෙන ඉදිරියට කාලය ගෙවාගෙන යන්න කියලා.. ඇයි ඉතින් තරහාකාරයෙක් ගැන වුණත් හොඳට මතක තරමට පස්සේ කාලෙක පලි ගන්න ලේසීනේ.. නෑ නෑ.. එහෙම පලිගන්න හොඳ නෑ.. හැබැයි මම නම් පලිගන්නවා..

ඔහොම කොහොම හරි මායී පොඩි බොසයි ඊයේ කොළඹ ඇවිත් අද කැම්පස් එකට යනවා.. ඉතින් කාලය හරිම වේගෙන් යද්දි පොඩි බොසාව මම පිටි පස්සේ වාඩි කරගෙන මගේ CT 100 එක සීයට පැද්දේ හයිවේ එක කියලා හිතාගෙනමයි.. හයිවේ එකට බයික් දාන්න බෑ තමා.. ඒක වෙනම කතාවක්.. බයික් එකක් විතරක් තියන නිසානේ මේ වෙනස්කම්.. නෑ නෑ, මොකටද මේ අල්ලපු වැටට යන්න අපි දෙන්නා වාහන හොල්ලන්නේ.. අපි දෙන්නා බයික් එකේ විනාඩි 10 ට කැම්පස් ගේට් එක ළඟ.. හූවයි බල්ටි දෙකයි ඉතින්..

ඉස්සරහා තුන්මන් හන්දියෙන් නෙළුම් පොකුණ දකුණු පැත්තේ නිසා අපි වම්පැත්තට හරෝලා කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුලට බයික් එක දැම්මා.. විස්කුරුත්තන් බයික් අතර මගේ CT 100 එකත් ඔබලා අපි දෙන්නා කැන්ටිම පැත්තට ඇවිදන් ගියා..

පොඩි බොසාට සිරාවට දොලදුක.. කා කියාගත්ත ගමන්මයි.. දෙවේලක්ම කැන්ටිමෙන් සර්ව සම්පූර්ණ කර ගන්න අපි රෑ වේල නම් සේපට මොකක් හරි කරගෙන හදාගන්නවා..

NONIMI🌷✅Where stories live. Discover now