44

585 85 162
                                    


𝗨𝗻𝗸𝗻𝗼𝘄𝗻 𝗽𝗼𝘃

මනුස්සයෙක්ගේ සතුට මේකයි කියන්න අපිට බෑ.. සමාජේ තරාතිරම ගැන තීරණේ කරන්න අපිට බෑ.. ලංකාව, මිනිස්සු ආදරේ මනින මිම්ම, ඒ හැමදේකටම වේදනාකාරී මතක ගොන්නක් තියනවා..

අද තමා දවස.. මන් ආදරේ කරන ඒ දුඹුරු ඇස් වල අයිතිකාරයා සදහටම මගෙන් දුරස් වුණ දවස.. ඉතින් මට අදටත් මතකයි, ඒ ඇස් මගේම වෙලා අත්සන් පොතේ ලියවුණ දවස !

ඉතින් අද දින පටන් යුග දිවියට එළබෙන ඔබ දෙදෙනාටම මම හදවතින්ම සුභ පතනවා.. හැමදාම සතුටින් ඉන්න..

ඒ වචන..

ඉතින් අපේ විවාහයට දැන් අවුරුදු තුනක්.. අදටත් මම ඒ වචන ආයේ ආයෙම මතක් කරනවා..

මලක් පිපෙන්නත් කලින්ම පරවුණ හැඟීමක් දැන් මටත් දැනෙනවා..

ආදරේ නොවින්දට මේ මාස ගාණට එයාගේ වෙනස්වීම, කරුණාව, ආරක්ෂාව මම ඕනිවට වඩා වින්දා.. අවුරුදු දෙකක් පුරාවටම මම එයාට මගේ ජීවිතේ විනාශ කරලා දැන්මට වෛර කලාට, ඒ වෛරයම අද මගෙ කුසේ දළු දානවා.. ඒත් ඒකේ උරුමකාරයා අද මේ ලෝකේ නෑ..

ඉතින් මේ කුසේ ඉන්නේ ආදරේ මතකයක් නොවුණට ආරක්ෂාවේ මතකයක්, මගේ තනිකමට දෙවනියෙක්, එයා මට ඉතුරු කරලා යන්නම ගියා..

මම හිතන්නේ නෑ මනුස්සයෙක් ට ඒ තරම් දරා ගන්න පුළුවන් ද කියලා.. සෙල්ලක්කාර ජීවිතේක, කසාදය කියන සීමාවකට දෙමව්පියන් නිසා කොටු වෙද්දි, අසම්මත ආදරේකට ලෝභකම් කරද්දි මනුස්සයෙක්ට ඒ තරම් දරාගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ..

ඉතින් මම ඊරිසියයි, අද එයාගේ දේහය පස් යට මිහිදන් වෙනකොට එයා හදවතේ පරිස්සම් කරපු ආදරේ අද හිනාවෙනවා.. ඒ ආදරේ නොකියම එයා යන්නම යද්දි මට ඊරිසියයි.. මගෙ ආදරේ මදි නොකියන්න දුන්නත් ඒ ඇස් හෙව්ව ආදරේ නොලැබුනාට මට ඊරිසියයි..

නොදැනුවත්කමට මම මිනිස්සුන්ට වෛර නොකලට මම එයාගේ ආදරේට වෛර කරනවා.. ඒ ඇස් වල තිබුණ හැඟීම නොතේරුණ එයාට මම වෛර කරනවා.. ඒක මහ ආත්මාර්ථකාමී සිතුවිල්ලක් වුණත් මම අද වෛර කරනවා..

NONIMI🌷✅Where stories live. Discover now