ජීවිතේ හරි පුදුමයි.. කාලය ගලාගෙන යන්නේ අපි නොහිතන වේගෙකින්.. සතියක් දෙකක්.. ඒ හැම දේම හරි ඉක්මනින් ගලාගෙන යද්දි වෙලාවකට මට ම පුදුම හිතුණා.. අවුරුදු උත්සවේට තව සතියක් වගේ තියෙන්නේ..
මම ශෙනාල් අතර කිසිම දෙයක් නොවී නොදන්න ගාණට හැමදේම විසදෙනකොට මට මහ අමුත්තක් දැනුනා.. ඒත් මන් ඒකට මහ හුඟක් කැමති වුණා..
ශාන් ග්‍රවුන්ඩ් එකට කඩාගෙන බිදගෙන ආවට තනියම නාගස් යට ළමයි අතර ඉන්නවා දැක්කම මාත් එතනින් ගිහින් හිට ගත්තා.. එක අතකට ඒ හැමදේම හරි පුදුමයි.. ශාන්, නෙත්රු අයියා, මම, තෙහස් අයියා.. ඒ දේවල් හරිම සැහැල්ලුවෙන් විසදුනා.. පොඩි පොඩි රණ්ඩු ඇති නොවුණාම නෙමෙයි.. හරියට දැන් වගේ.. අපි යාළු වුණාට වඩා වැඩි කාලයක් කලේ රණ්ඩු වුණ එක වෙන්නෝනේ කියන්න දැනුත් සාක්ශි තිබ්බා.. ඒත් ඒ හැම රණ්ඩුවක්ම හරි ලස්සන විදිහට ඉවර වෙද්දි මම රණ්ඩු කරන එකටත් ආස කලා..
අද රැස්වීම ඉවර වෙද්දි හවස හතරත් පහු වුණා.. අවුරුදු උත්සවේට තව සති එක හමාරක් නිසා ඊළඟ සතියේ හවස් වරුව ඒ වෙනුවෙන් වෙන් කරන්න අපිට ඉඩ දුන්නා.. මේ පාර අළුතෙන් පත් වුණ සංස්කෘතික හා කලා කටයුතු ඇමති අවුරුදු උත්සවේ ට එනවා කියලා රැස්වීමෙදි අපි දැන ගත්තා..
මායී ශානුයි ඒ ඇමතියට හිතින් බැන බැන හිටියා... ඇයි ඉතින් උපන් නගරෙට වැඩකුත් නැති, කලාවට වැඩකුත් නැති ඇමතියෙක් පාර්ලිමේන්තු යන්නේ මොන එහෙකටද කියලා අපිට නිතරම හිතුණා.. ඒ මදිවට ඒ නාකියට මේකට ම එන්න ඕනි වුණානේ කියලා අපි හිතින් දොස් කිව්වා..
රැස්වීමෙන් පස්සේ අයිටම් වලට ඉන්න අය බෙදිලා නිදහස් තැන් වලට එකතු වුණා.. ශාන් ඩාන්සින් අයිටම් එකකට ඉන්න නිසා සකුනියි, රෂ්මී, සඳලී එක්ක ලයිබ්‍රී එක පැත්තට ගියා..
YOU ARE READING
NONIMI🌷✅
Non-Fiction❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡