45

627 85 85
                                    

𝗗/𝗽𝗼𝘃

ලයිට් එළිය වැටුණු කාමරේ අඳුරට මම ඇස් හුරු කර ගනිද්දි මම හොයන උණුහුම මගේ ළඟ නැතිවුණාම මම ඇදෙන් වාඩි වුණා..

මේ ගිණියම් කාලේ ඇදහැලෙන මහා දාරාණිපාත වැස්සක හිරිපොද බැල්කනි ජනේලෙන් කාමරේට ගහගෙන එද්දි මගේ ඇඟම අමුතු හිරියකින් වෙලිලා ගියා..

ඒ හැඟීම හරි මුසල හැඟීමක් වෙද්දි, එයාගේ ගලවලා ඇද උඩට දාපු ටී-ශර්ට් එක අරන් ඇඟට දාගෙන මම සීතල ටයිල් උඩින් හිට ගත්තා..

සෙරෙප්පු දෙකක්වත් නැති මගේ කකුල් සීතල බිම වදිනකොට මගෙ හදවතට අමුත්තක් දැනුනා.. කලුවරට හුරු වුණ ඇස් වලින් මම කාමරේ ලයිට් එක නොදාම කාමෙරෙන් එළියට ගියා..

මුළු ගෙදරම එක සීරුවට කලුවරින් වෙලිලා තිබ්බා.. එළියෙන් මහ වැස්සේ හඬ දෝංකාර දුන්නා..

" තෙහස් අයියේ.. ඔයා කොහෙද.. "

ලයිට් එකක් නොදාම මම හිමින් හිමින් ගේ පුරා ඇවිද්ද.. එයා ගෙදර නෑ කියලා තේරුණාම මම ආයෙම කලුවරේම කාමරේට ආවා..

ඒත් එක්කම බක් මහ අකුණක් බැල්කනිය මුදුනින් පුපුරලා යද්දි මම කාමරේ මේසෙට වාරු වුණා.. ඒ නිසා මේසේ උඩ මගේ අත වැදුනු පොත් ගොඩ අතරින් රදවලා තිබ්බ මගේ දම්පාට ඩයිරිය බිම වැටෙද්දි පුංචි සිප් බෑග් එකක් ඒකෙන් එළියට ආවා...

කලුවරේම මගේ දම්පාට ඩයිරිය අතට ගත්ත මම ඒ දිහා හොඳින් බලද්දි පොත අස්සේ ඒක රැදිලා තියනවා දැක්කා..

ඒත් කොහොමද.. ලොක් කරාපු මගේ ඩයිරියට ඒක ආවේ කොහොමද බලන්න මම ටේබල් ලෑම්ප් එක ඔන් කරලා මේසේ ළඟින් වාඩි වුණා..

මට පුරුදු ඉලක්කම් හතරේ පාස්වර්ඩ් එක ගහලා පොතේ අමුණපු පුංචි ඉබ්බව අන්ලොක් කරපු මම ඒ ට්‍රාන්ස්පේරන්ට් සිප් බෑග් එක එළියට ආව තැන පෙරලුවා..

පුංචි වේලුනු කොලයක් දාපු සිප් බෑග් එකක්.. ට්‍රාන්ස්පේරන්ට් එකක්.. මම ඒක දිහා බලලා හිස් පිටු අතර කලු බෝල්ට් පොයින්ට් පෑනෙන් ලියවිලා තියන අකුරු දිහා බැලුවා..

මහා ලොකු ලස්සන්නක් නැති, ඒ අකුරු අදුර ගන්න මට තත්පර ගාණක් ගතවෙනකොට මගේ හදවත උඩින්ම තියන මුල්ම ආමන්ත්‍රණය දැක්කම හීනියට රිදුම් දුන්නා..

NONIMI🌷✅Where stories live. Discover now