07

713 120 34
                                    

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.


අද තවත් දවසක් වුණාට අද හම්බුණ එක්කෙනෙක්ගෙන් වත් මගේ හිතට, ගතට කිසිම සනීපයක් නෑ.. කැම්පස් එක පුරාම ගාටලා අන්තිමේ මායී, ශානුයි ගෙදර එද්දි හවස පහත් පහු වෙලා.. අද පලවෙනි දවස වුණාට මම දැක්ක අය එක්ක මට කැම්පස් ජීවිතෙත් එපා වුණා.. ඒත් මොනවා කරන්නද.. ඉස්සරහට නිතර යන එන තැන.. නිතර නිතරම ඒ ඇස් හමුවෙන තැන.. මේ මගේ දෛවය වෙන්න ඇති කියලා කොච්චර හිතුවත් ශාන් කිව්වේ දැක්ක තැනම අපෝ උබේ නම් කරුමෙකට මූ මේකෙම ඉන්නේ කියලා.. ඒත් කැම්පස් ඇප්ලයි කරද්දි තරම් මම ඒකට යද්දි සතුටු නොවුණේ ඇප්ලයි කරද්දි එයා එක්ක හැමදාම කතාකරන්න පුළුවන් නේද කියලා හිතුණ නිසා.. ඒත් දැන් ඒ හැම දේම වෙනස් වෙලා.. ඉතින් කාලය හරි ඉක්මනට හැමදේම වෙනස් කරලා.. මම කුශන් එකේ දිගෑදුණා..

හෙට කැම්පස් ගිය ගමන් උදේම අපිට ග්‍රවුන්ඩ් එකට එන්න කිව්වා.. හෙට ඉදන් සතියක් යනකම්ම අපිට පොඩි පුහුණුවක් තියනවලු.. ඒ නිසා අපිට බොටම් ටී-ශර්ට් දාගෙන එන්න කිව්වා..

මන් කුශන් එකෙන් නැඟිටලා කබඩ් එකෙන් බොටමයි ටී-ශර්ට් එකයි දාගෙන ටවල් එකකුත් දාගත්තා.. ඇයි ඉතින් දාඩිය දැම්මට පස්සේ බෑනේ පරණ ඇදුම් එහෙමම අදින්න.. ඇඟ අතපය චුට්ටක් හෝඳලා එපෑ ඇදගන්න..

මන් ඉතින් ඒකත් දාගෙන බෑග් එක මේසේ උඩින් තියලා ඇදට පැන්නා.. මන් හිතන්නේ මන් හිත හදාගන්න ඕනි... නැත්නම් ශාන් කියන්නා වගේ මන් තව තවත් ලෙඩෙක් වෙද්දි එයා සතුටින් හිනා වෙවී ඉදී.. අඩුම තරමේ එයාට පේන්න හරි මම සතුටින් ඉන්න ඕනී.. මම ඇස් දෙක පියා ගත්තා.. දන්නෙම නැතුව මට එහෙමම නින්ද ගියා..




💜






උදේ ඇහැරෙනකොට පහට දහයයි වෙලාව.. හය වෙද්දි වත් මායී ශානුයි මෙහෙන් නොගියොත් අපිට හත හමාර වෙද්දි කැම්පස් එකට යාගන්න බැරි වෙනවා ට්‍රැෆික් එක සෙට් වෙලා.. අනික බයික් වල යනවා නෙමෙයිනේ...අපි දෙන්නා යන්නේ ශාන්ගේ වාහනේ.. ඕකා නින්දෙනුත් වාහනේ එළවන තරම් ශුවර් එකකින් වාහන එලවන නිසා අපේ තාත්ති බය නැතුව මට ශාන් එක්ක යන්න දෙනවා.. මන් ඉතින් මූණ අතපය හෝඳගෙන උදේට කාලා බීලා ලෑස්ති වුණා.. මොකද මම උදේට නොකා ගෙදරින් යන පුරුද්දක් ඇත්තෙම නෑ.. හයට දහයක් විතර තියෙද්දි ශාන් ගේට්ටුව ගාවට ඇවිත් හෝන් කලා.. එයා කොහොමත් වෙලාවට වැඩ කරන කෙනෙක් නිසා මන් අමුතුවෙන් මතක් කරන්න ඕනි නෑනේ.. මන් ඉතින් අම්මිටත් කියලා ගෙදරින් එළියට බැස්සා..

NONIMI🌷✅Où les histoires vivent. Découvrez maintenant