දවල් දවසේ ඉදන් තිබ්බ වැහි කලුව මහා වැස්සක් වෙන්න කලින් පොද වැටෙනකොට අපි අපර්ට්මන්ට් එක කිට්ටුවට ගිහින් හිටියා.. ඒත් අහසට තව උහුලන්න බැරුව අපි යන්න කලින් මහා දාරානිපාත වැස්සක් කඩාගෙන වැටුණා..
අම්මා නිතරම කියන දෙයක් තමා අවාරේ වැස්සට තෙමෙන්න එපා කියලා.. ඒත් රියල් දුක කියන්නේ මේ අවුරුද්ද මට ශාපලත් අවුරුද්ද වගේ අවාරේ වැස්සටම තෙමෙන එකනේ..
පොද වැස්ස යද්දි මගේ පණ්ඩිතකමට ම තෙහස් අයියා නවත්තන්නද කොහෙන් හරි කියලා අහපු වෙලේ නවත්තන්න ඕනි නෑ අපි යන් කිව්ව එකේ රගේ තේරුණේ, අන්තිමට වතුර බේරී බේරී අපර්ට්මන්ට් එකේ පාකින් එකට බයික් එක දාද්දියි..
අම්මෝ සීතලයි..
දත් ටිකත් කට කට ගානවද මන්දා.. මම බයික් එකෙන් බැහැලා වෙව්ල වෙව්ල තෙහස් අයියට හෙල්මට් එක ගලෝලා දුන්නා..
මේ මනුස්සයට නම් ගාණක් නැද්ද කොහෙද.. යස අගේට හෙල්මට් එක ගලවලා මගේ එකත් අරන් ලිෆ්ට් එක තියන පැත්තට ගියා.. ජැකට් එකක් දෙන්නගෙන් එක්කෙනෙක්වත් දාලා හිටියෙත් නැති නිසා ඇදුම් සේරම ඇඟට ම ඇලිලා ගිහින් තිබ්බා..
තෙහස් අයියා ඉස්සරහින් යද්දි මන් එයාට පිටිපස්සෙන් ඇවිදන් ගියා.. දෙයියනේ මේ මනුස්සයාගේ උස.. ඒකටම හරියන උරහිස්.. මේවට අහු වුණාම මන් යහතින් ඊළඟ දවසේ ඇහැරෙයිද දන්නෙත් නෑ..
සැක්.. මොනාද මන් මේ හිතන්නේ.. මේ වැස්සට මගේ මොලේ කුරුවල් වෙලාද කොහෙද..
ඒමයි කියලා හිතුවට මන් එයාගේ ඇගටම ඇලුනු ටී-ශර්ට් එක දිහා බලාගෙන ඔහේ ඇවිදන් ගියා.. ලිෆ්ට් එක ඇතුලට ඇවිත් කියලා නොදන්න මම තෙහස් අයියා දිහාම බලාගෙන තව අඩියක් ඉස්සරහට තියද්දි තෙහස් අයියා මගේ පැත්තට හැරුණා..
YOU ARE READING
NONIMI🌷✅
Non-Fiction❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡