39

584 90 104
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


>>> 2yr

[ 2024 ]

" දෙනූ.... "

දන්නෙම නැතුව නින්ද ගියපු මට එයාගේ කටහඩින් ඇහැරුණා.. මම ඒ වෙනකොටත් තෙහස් අයියාගේ තුරුලේ වෙනකොට මට ඇත්තටම පුදුම හිතුනා.. එයා හැමවෙලේම මාව හරි පරිස්සමින් බලාගත්තා.. මට තේරෙන්නේ නෑ එයා කොහොමද හැමදේම හරියටම කරන්නේ කියලා.. එයා හැම දවසකම මාව තුරුල් කරන් නිදා ගත්තා..





---







අදට අපේ සම්බන්දෙට අවුරුදු දෙකක් වෙනකොට එදා වගේම අදටත් තෙහස් අයියාගේ ආදරේ ආරක්ෂාව මට අඩු නැතුව ලැබුණා.. ඒ කියන්නේ අද අපේ 2yr anniversary එක..

ඉතින් එකම එක දවසක අපේම නොසැලකිල්ල නිසා යුවින් බාප්පා එක්ක හිත් අමනාපකම් වුණාට මොකද අන්තිමේදී නොහිතපු විදිහට එයා වෙනස් වුණා.. ඒක කැමැත්තද අකමැත්තද , හැඩගැසීමක්ද නොදන්නවා වුණාට අපි ආයම එහෙ නොයා ඉන්න තීරණේ කලා..

අපි දෙන්නා අතර රහස් ඇත්තෙම නැති වුණාට, අදටත් එදා රෙස්ට් හවුස් එකට ගියපු අන්තිම පාර ගිහින් ආවට පස්සේ යුවින් බාප්පා මොනාද කිව්වේ කියන එක ගැන එයා කිව්වේ නෑ වගේම මම අහන්න ගියෙත් නෑ.. ඒ කොහොම වුණත් කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේ  අවුරුදු නිවාඩුවෙන් පස්සේ මම තෙහස් අයියලා එක්ක අපර්ට්මන්ට් එකට ඉන්න ආව නිසා අම්මා දිඟටම තාත්තා එක්ක එහෙ නැවතුනා..



<<




ඉතින් අපේ යුනිවර්සිටි එකේ පලවෙනි අවුරුද්දෙන් පස්සේ ශාන් ඩාන්සින් වලට සිලෙක්ට් වෙද්දි මම මියුසික් කරා.. පලවෙනි අවුරුද්ද අවසානේ අපිට රැග් එක දීලා ඉවර කරන දවසේ, හරියටම කිව්වොත් බකට් එක දෙන දවසේ අපිට කාඩ් දැම්මා.. අපේම මහත්තුරු අපිට මහ අජූත නම් දෙකක් දාලා සීනියාර්ස්ලා එක්ක අපි දෙන්නව සෑහෙන චාටර් කලා..

NONIMI🌷✅Where stories live. Discover now