18

684 113 36
                                    

🎶

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎶

රෑ දොලොස් පැයේ
ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
චංචලයි වගේ
ඔබේ හිත කොහේද පාවුනේ

අදහන්න බෑ කදුලක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

තාරුකාවියන් ගොතාලා මාගෙ අම්බරේ
ඇයිද හැන්ගුනේ හෙලා මා අන්දකාරයේ

අදහන්න බෑ කඳුලක්ද ආදරේ
නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ
සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ..


මම හෙඩ් සෙට් එක ගහගෙන සින්දුවක් මුමුණන්න පටන් ගත්තා.. ඒත් එක්කම කාමරේ දොර ගාව ඉදන් ගුවන් ගත වෙලා ඇවිත් මගේ මූණට වැදුනේ තඩි සෙරෙප්පු පාරක්.. මන් සෙරෙප්පුව එව්ව එකා කවුද දැන දැන නැන්දවයි මාමවයි ආදරෙන් මතක් කර කර හෙඩ් ෆෝන් එක ගැලෙව්වා..

" මොකද මනුස්සයෝ වෙලා තියෙන්නේ.. උඹත් වෙලාවකට මගේ ගෑනි වගේ බන්.. හැමිනෙනවා ඉවරයක් නෑ "

" ඇයි මම ගෑනි උනාම උඹට පාඩුද.. නෑනේ නෑනේ.. තේ එක හදන එකේ ඉදන් උයන එක වෙනකම්ම කරන්නේ මම වෙනකොට මම උඹේ ගෑනි වගේ තමා මනුස්සයෝ.."

නෙත්රු ඇවිත් මගේ කකුල් දෙක හරියෙන් ඇදට නැගලා වාඩි වුණා..

" මොකෝ මල රෑ පුප්පන්නේ.. "

" උඹ මොකාටද එන්න හදන්නේ කියපන් තෙහස්.. "

" මොකක්ද.. "

NONIMI🌷✅Where stories live. Discover now