29

741 118 116
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ගෙවෙන දවස් මට ලස්සනම ලස්සන හීනයක් වගේ.. ජීවිතේ මම කවදවත් පිරිමි ළමයෙක්ට ආදරේ කරන්න හිතලා නොතිබ්බට අහම්බෙන් හම්බුණු ආඩම්බරකාර කොල්ලෙක් දන්නෙම නැතුව මට වශියක් කරලා තිබ්බා.. ඉතින් කවුද කියන්නේ ආදරේ මායාවක් නෙමෙයි කියලා..

මේ ලෝකේ මම දකින නොවිසදුණ එකම මායාව ආදරය..

මනුස්සයෙක්ට තත්පර ගාණක් ඇතුලත ආදරෙ දැනෙන්න පුළුවන් ද, ආත්ම ගාණකට බැඳීමක් ගොඩ නගන්න පුළුවන් ද..

ඉතින් එහෙම හිතනකොට මගේ මතේට අනුව, ඒ කියන්නේ මේ තෙහස් ගේ මතේට අනුව ආදරේ කියන්නේ නොවිසදුන මායාවක්.. හරියට නිමාවක් නැති මායා කතන්දර වල එකතුවක්..

ඉතින් ආදරේ කියන හැඟීම කොහොමද කියන්නවත් නොදන්න මම අද ආදරේ කරනවා.. ආදරේ කියන හැඟීම දැනෙන්නේ කොහොමද කියලවත් නොදැන මම අද ආදරේ විදිනවා... එක ස්පර්ශයක්, එක වැලදගැනීමක්, එක සිප ගැනීමක් මගේ හදවත මේ තරම් සලිත කරාවි කියලා ජීවිතේට මම නොහිතලා තිබ්බට ඒක එහෙමම වුණා..

ඉතින් හැමදාම වගේ නෙත්රු හරි.. ආදරේ උමතුවක්, දරාගන්න බැරි ඇබ්බැහියක්, ගැහැණු පිරිමි බේදෙකින් තොරව අතරමං වෙන මායාකාර ලෝකයක්..

මම ශවර් එක වහලා දාලා ටවල් එක ඉන වටේ බැදගෙන නානකාමරෙන් එළියට ආවා.. දෙනුවන් මල්ලි ඒ වෙනකොට කාමරෙන් එළියට ගිහින් තිබ්බා... මන් මේසේ උඩ තිබ්බ මගේ බෑග් එකෙන් ශෝර්ට් එකයි ටී-ශර්ට් එකයි අරගෙන ශෝර්ට් එක ඇදගෙන තුවායයි ටී-ශර්ට් එකයි ඇද උඩට දාලා කොනට වෙන්න තියන ලොකු මිරර් එක ඉස්සරහින් හිටගෙන කොණ්ඩේ අතින් ගසා ගත්තා.. තාමත් වේලිලා නැති වතුර බිංදු මගේ නිරුවත් උඩුකය දිගේ පහලට රූටලා යද්දි මට මන් ගැනම ආඩම්බර හිතුණා.. ඉතින් නෙත්රු කියන කතාවල වැරැද්දක් නෑත් එක්ක.. මං ලස්සනයි තමා..

NONIMI🌷✅Where stories live. Discover now