මම දෙනුවන් මල්ලිව උකුලෙන් තියාගත්තා.. මට එයාගේ මූණෙන් වෙනසක් තේරුණා.. ඒ නිසාමද කොහෙද වට තුන ඉවර වෙද්දි මන් එයා ළඟට යන ගමන් වට තුන ඉවරයි කිව්වෙත්.. ඒ එක්කම එයා ඇදගෙන වැටුණා..
මන් කොහොම එච්චර ඉක්මනට එයාව අල්ලගත්තද මතක නැති වුණත් මන් එයාව මට වාරු කර ගත්තා.. එයාගේ ඇස් පිහාටු එකිනෙකට තද වෙලා තිබ්බා.. ඇඟ දරදඩු වෙලා අතේ ඇගිලි අයිස් වගේ සිතල වෙලා තිබ්බා.. මෙච්චර ගිනි ගහන අව්වේ එයා එන්න එන්නම සීතල වුණා..
" අඩෝ.. ලොකු බොසා මොකක්ද වුණේ.. කලන්තේ දැම්මා නේද.. "
නෙත්රු ඇවිත් දෙනුවන්ගේ නලලට අත තිබ්බා.. ඒත් මට තේරුණා ඒක සාමාන්‍ය කලන්තයක් නෙමෙයි කියලා.. අඩුම මට සැක හිතුණා මේ කොල්ලා හුස්ම ගන්නවද කියලවත්.. ඒ තරම් නිසොල්මන් වුණා එයා.. ඒ එක්කම ශාන් මල්ලි දුවගෙන ආවා..
" අනේ.. සප්න.. මොකද මේ.. නැඟිටපන්.. මන් කියලා තියනවා උබට හැමදේම ඕනිවට වඩා හිතන්න එපා කියලා.. නැඟිටපන් කොල්ලෝ.. "
ශාන් මල්ලි එක දිගට දෙනුවන් ගේ කම්මුල් වලට තට්ටු කරද්දි මට අමුත්තක් දැනුනා.. එයා එන්න එන්නම බරින් වැඩි වෙද්දි, එන්න එන්නම සීතල වෙද්දි මම ශාන් මල්ලි දිහා බලාගෙන හිටියා.. ඒත් මට වචනයක්වත් නොකියා එයා දිගටම දෙනුවන් ට අවදානය දුන්නා..
දෙනුවන්ගේ තොල් ඈත් කරලා කටට ඇඟිල්ල දා ගත්තා.. දත් ටික පූට්ටු වෙලා.. මන් හිතුවා හරි.. මේක මේ නිකන් කලන්තයක් නෙමෙයි.. නාගස් යට ඉන්න ළමයි එක්කෙනා දෙන්නා කසු කුසු ගානව ඇහුණ නිසා මම තාම අපි ළඟ හිටගෙන බලාගෙන ඉන්න නෙත්රුට ඔළුවෙන් පාත් වෙන්න කිව්වා..
YOU ARE READING
NONIMI🌷✅
Non-Fiction❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡