43

612 78 83
                                    

>> තාල හැන්දෑව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


>> තාල හැන්දෑව

" ශාන්.. මොකක්ද බන් කරන්නේ.. උඹ ඇතුලට යන්න එනවද.. මම යන්නද.. "

පැය දෙකකටත් කලින් නෙලුම් පොකුණේ පාර්ක් එකට වාහනේ දාපු අපි තාමත් හිටියේ පාක් එකේ.. මම එතනට වෙලා ශාන් විස්කුරුත්තන් උලාගන්නකම් බලන් හිටියා.. මන් හදිස්සි කරපු නිසා එයාට හරියට ඒවා කරගන්න බැරි වුණාය අරකය මේකය ගගා මූ කියව කියව එයාගේ නානාප්‍රකාර ක්‍රීම් එක එක මූණේ උලාගත්තා.. ඔයිට හොඳයි උඹ සුදු හුණු ගාගත්තා නම් කියලා කියන්න කටට ආවත් මම කාර් එකේ දොරට හේත්තු වෙලා ඔහේ බලාගෙන හිටියා..

" යකෝ කෙල්ලොවත් ඔච්චර ජාති උලන්නේ නැතුව ඇති... "

බලන් ඉන්න බැරිම තැන මන් කෑ ගහද්දි මූ මගෙ දිහාවට හැරුණා..

" මේ සපූ.. උඹ උපතින්ම කිරි කැටියා වගේ ඇවිත් නැති එකට මට ඊරිසියකම් කරනවා නේද.. "

" මොකක්.. "

" අහ් බොරුද.. මන් උඹට වඩා ලස්සනයිනේ.. ඒකයි උඹ ඔය ද්‍රෝහිකම් කරන්නේ.. "

" යැයි යැයි යැයි.. අනේ උට්ට මට වෙන වැඩ නෑ කියලා හිතුවද.. මම යනවා බැක්ස්ටේජ්.. උඹ එනවා නම් වරෙන්.. "

" උඹට දැන් පාස් එකක් තියේද ඕවයේ රිංගන්න.. "

" උඹට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ.. නෙත්රු අයියා හම්බෙන්න ඕනි නම් ඔය රෙද්දවල් පැත්තකට දාලා වරෙන්.. "

" අනේ මගේ සන්කුටු බෝලේ සූට් බූට් ගහලා හැඩට ඇති නේ බන්.. "

" ඔව් ඔව්.. ඇති ඇති.. දැන්වත් යමන්කෝ.."

අන්තිමට මගේ කටේ බලේට ශාන් ඔක්කොම බඩු වාහනේ කැබින් එකට දාලා වාහනෙන් බැස්සා.. මන් හිමින් හිමින් නෙලුම් පොකුණ දිහාවට ඇවිදන් ගියා..

NONIMI🌷✅Where stories live. Discover now