26

624 104 65
                                    

ප්‍රථම ආදරේද, දැනෙන ආදරේද, ඔය හැම එකෙන්ම කියවුණේ ආදරේ ගැන වෙනකොට මම ආදරේ කියලා හිතාගෙන හිටිය බැඳිමයි, දැන් බැඳීමයි අහසයි පොළවයි වගෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ප්‍රථම ආදරේද, දැනෙන ආදරේද, ඔය හැම එකෙන්ම කියවුණේ ආදරේ ගැන වෙනකොට මම ආදරේ කියලා හිතාගෙන හිටිය බැඳිමයි, දැන් බැඳීමයි අහසයි පොළවයි වගෙයි..

ඉතින් තෙහස් අයියා ගැන එකම එක නිර්වචනයක්වත් ඉදිරිපත් කරන්න බැරි තරමට එයා දෙන ආදරේ හරි අමුතුයි..

කොහොම හරි ආදරෙයි, විරහවයි, ඕවගේ එක එක විකාර හිත හිත ඉදලා මට නින්ද යද්දි පාන්දර එකත් පහු වුණ නිසා ඊළඟ දවසේ උදේ ඇහැරෙනකොට හොඳටම පරක්කු වුණා.. ඒ නිසා කැම්පස් එකට එද්දි 8.15 වගේ වුණා..

හය පහු වෙලා බස් එකට නගිනවා කියන්නේ ඉතින්, හොරණ කොළඹ පාරේ ට්‍රැෆික් එක රජ කරන වෙලාවක්.. මුළු ලංකාවෙම වාහන කොළඹ ඇවිල්ලද කියලා හිතෙන්නේ එවලෙට තමා..  ඒකෙන් මේකෙන් පරක්කු නිසා මම තෙහස් අයියාව හම්බෙන්නෙවත් නැතුව මැසේජ් එකක් දාලා කෙලින් ම ලෙක්චර් හෝල් එකට ගියා.. අද උදේම මියුසික්.. මන් ආසම ලෙක්චර් එක..

තාම මැඩම් ආවේ නැති නිසා මන් ආයෙම ෆෝන් එක අතට අරන් බැලුවා තෙහස් අයියාගේ රිප්ලයි එකක් ඇවිත් ද කියලා.. ෆෝන් එක අන්ලොක් කරනවා එක්කම ශාන් ෆෝන් එක ඇදලා අරන් වට්සැප් චැට් ලිස්ට් එකට එබුණා.. පින් කරපු එයාගේ චැට් එකට යටින්ම තියන තෙහස් අයියගේ චැට් එකේ අන්තිමට ඇවිත් තියන මැසේජ් එක ඕපන් නොකර මට ඇහෙන්නම කියෙව්වා..

" හරී.. හවසට හම්බෙමු....දෙ.... "

චැට් එකේ නෝමල් පෙන්නනේ එච්චරයි නිසා හොඳයි කියලා හිතින් සතුටු වෙන ගමන් මම ශාන් ගෙන් ෆෝන් එක ඇදලා ගත්තා..

ශාන් මූණ අමුතු කරලා මන් දිහා බැලුවා..

" ඇයි ? "

" ඒක තමා මාත් අහන්නේ සපූ.. ඇයි ඇදලා ගත්තේ.. "

" අදාල නෑනේ.. "

NONIMI🌷✅Where stories live. Discover now