10

748 128 23
                                    



" දෙනුවන් මල්ලී.. "

එයා මගේ පැත්තට හැරුණා..

" අපි ටිකක් කතා කරමුද.. "

මම මට එහා පැත්ත පෙන්නන ගමන් එයාට කතා කලා..  එයා සද්ද නැතුව ඇවිත් ලී බංකුවේ මට ටිකක් එහාට වෙන්න වාඩි වුණා..

" මන් දන්නවා මන් මෙහෙම අහන එක හරි නෑ කියලා.. ඒත් ඔයා ලොකු ප්‍රශ්නෙක ඉන්න නිසාමයි මට දැනගන්න ඕනි වුණේප්‍රශ්න වල කොණක හරි ශෙනාල් ඉන්නවද කියලා.. "

එයාගේ ඇස් ගැස්සුණා.. ඒත් එයා ටිකක් වෙලා එහෙමම ඉදලා නෑ කියලා ඔළුව වැනුවා..

" හරි එහෙනම්.. ඒත් ඔයාගේ යාළුවා අද එයා එක්ක ලොකු කතාවක් ගියා.. ශෙනාල් කියන්නේ එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා මුළු කැම්පස් එකම දන්නවා.. ඒ නිසා ඔයාලා දෙන්නා එයා එක්ක වැඩිය කතාවට නොයන තරමට හොඳයි.. එහෙනම් පරිස්සමින් ගෙදර යන්න.. අහ් එතකොට තව දෙයක්.. කෙනෙක් ඇඩුවා කියලා කවදාවත් දුර්වල වෙන්නේ නෑ.. ඒ හින්දා පුළුවන් නම් ශවර් එකක් යට නැතුව ඔයාගේ හිත නිවෙන තැනක ඉදන් ඇති වෙනකම් අඩන්න.. "

NONIMI🌷✅Where stories live. Discover now