41

651 88 100
                                    

මම ඇස් භාගෙට වගේ ඇරගෙන වයිබ්‍රේට් වෙන ෆෝන් එක හෙව්වා.. ෆෝන් එක අතට අහුවෙන තැනක නෑ කියලා තේරෙද්දි ම ඒක වයිබ්‍රේට් වෙලා නතර වුණා.. මම ඒ නිසා ආයෙම ඇස් වහ ගනිද්දි දොරට තට්ටු කරනවා ඇහිලා ඔළුව ඉස්සුවා..

තෙහස් අයියා මගේ බඩ උඩින් අතත් දාගෙන මගේ අස්සෙම නිදාගෙන ඉද්දි හෙල්ලෙන්නවත් බැරි මම දොරට ආයෙම තට්ටු කරයිද කියලා අවදානෙන් හිටියා..

ආයෙමත් තට්ටු කරනවා ඇහුණ නිසා මම තෙහස් අයියාගේ අත අයින් කරලා හිමීට ඇදෙන් බැස්සා.. තෙහස් අයියා ලාවට කෙදිරිගාලා එතනම කොට්ටෙට මූණ හංග ගත්තා.. චොක්ලට් වල රසක් දිව අඟ දැනෙද්දි මම මත් වෙලා වගේ ඇසුත් බාගෙට ඇරගෙන බඩගාගෙන වගේ දොර දිහාවට ගියා.. මගේ කකුලේ වැදුනු බෝතලයක් රෝල් වෙලා දොර දිහාවට ගියා..

මෙලෝ සිහියක් නැති මම උදේ පාන්දර දොරට තඩි බාන එකාගේ අම්මා මුත්තා මතක් කර කර බැන බැන දොර අඟුල ඇරියා..

දොර අරිනවා එක්කම නෙත්රු අයියා කෑ ගහගෙන කාමරේ ඇතුලට කඩාගෙන ආවා..

" තව ටිකක් බලලා මම දොර කඩන්න හැදුවේ.. මොනෝත්තක්ද කරන්නේ ෆෝන් එක ගන්නෙත් නැතු............... "

අඩි දෙක තුනක් කාමරේ ඇතුලට තිබ්බ නෙත්රු අයියා අකුණක් වැදුනා වගේ එතනම නතර වෙලා මන් දිහායි කාමරේ දිහයි මාරුවෙන් මාරුවට බැලුවා..

ලාවට වගේ ඇස් ඇරගෙන ඉන්න මම ඉතින් මෙලෝ සිහියක් නැතුව එයා දිහා බලන් හිටියා..

" උඹලා ඊයේ තොවිල් නැටුවද බන් මේකේ.. යකෝ මුළු කාමරේම අනිත් පැත්ත හරෝලා.. "

" හෑ.. "

කියන දේ ප්‍රොසෙස් නොවුණ මම ඇස් හීනි කරලා නෙත්රු අයියා දිහා බැලුවා..

" හරි හරි.. මට වැඩක් නෑ.. අන්න අර තලපතාවත් ඇහැරවෙගෙන කන්න එනවලා.. ඌට අද ප්‍රැක්ටිස් තියනවා.. මන් මේ ඒකයි ඇහැරවන්න ආවෙත්.. "

NONIMI🌷✅Where stories live. Discover now