40

656 89 95
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එන්න එන්නම මගේ සංවේදීම තැන් හරිම රළු විදිහට සිප ගන්න තෙහස් අයියාගේ අතින් මගේ ටී-ශර්ට් එක ගැලවිලා අයින්වෙනකොට නවත්තන්න කිසිම උවමනාවක් නොවුණ මම එහෙමම හිටියා..

" මගේ විතරයි නේද "

තෙහස් අයියා මිමිනුවා... එයා නොදන්නවා උනාට ඒ ඇස් එයා කටින් කියනවට වඩා හුඟක් දේවල් කතා කෙරුවා.. වෙලාවකට නපුරුකමින් රතු වෙන ඒ මූණ.. වෙලාවකට කොටු හැඩේ හිනාවෙන් පුරවන ඒ මූණ, කලාතුරකින් කඳුළු පුරෝගන්න ඒ මූණ ඇත්තටම මට වෙනස්ම හැඟීම් ගෙනාවා..

ඇත්තෙන්ම තෙහස් අයියා කියන්නෙම වෙනස්ම කතාවක් කියලා මට එයා අඩු නැතුව දැනෙන්න දුන්නා..

යාන්තමට වැවුණ තෙහස් අයියාගේ කූරු කූරු රැවුල් ගස් දෙක තුන මගේ කන්පෙති වෙල ගෑවෙනකොට මගේ ඇඟම හිරි වැටුණා.. ඒ තමා එයාගේ ආදරණීයම වැලදගැනීම කියලා මම දැන් අවුරුදු දෙකක් තිස්සේ දැනන් හිටියා.. මගේ කන අස්සෙන් බෙල්ල මුලට වෙන්න මූණ ඔබාගත්ත එයා මගේ නිරුවත් පපුවෙන් එයාගේ ලොකු අත යවලා මාව තුරුලට ගත්තා..

ක්‍රමවත්ව වැදෙන තෙහස් අයියාගේ හුස්ම මගේ බෙල්ල මුල කිතිකවනකොට මම දරාගත්තා.. ඒ උණුහුමට ඕනිවටත් වඩා ලෝභ මම ගල් වුණ පිළිමයක් වගේ එහෙමම හුස්ම ඇල්ලුවා..

පුංචි පුංචි තෙත හාදු මගේ බෙල්ල අඟින් තියන තෙහස් අයියාගේ උණුසුම් දෙතොල් වල පහස මට දැනෙනකොට මට ඉබේටම ඇස් පිය වුණා..

එයා දැනගෙන හිටියා.. අද දවස එයාට මට, කොයිතරම් විශේෂද කියලා එයා ඕනිවටත් වඩා දැනගෙන හිටියා.. ඒත් එයා එයාවම පාලනය කර ගත්තා.. හේතුවක් නැතුවම එයා හරි අපූරුවට පාලනය වුණා.. මාව රාගෙයෙන් අවුලවන එයාම හරි අපූරුවට මාව නිවුවා.. ගින්දර වගේ අවුලවන මාව වතුර වගේ ආයෙම සිසිල් කලා..

NONIMI🌷✅Where stories live. Discover now