30

719 118 218
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කාව්‍යා ආන්ටි හරි ලස්සනට කුස්සිය තියාගෙන හිටියා.. සාමාන්‍යයෙන් අපර්ට්මන්ට් වලට වඩා ලොකු කුස්සියක් මෙහෙ තිබ්බා.. එකම එක තාච්චියක් විතරක් ලිප උඩ වහලා තිබ්බා..

මම යට කබඩ් ඇරලා බැලුවා.. හරි අපුරුවට හැමදේම කබඩ් එකේ අඩුක් කරලා තිබ්බා.. මම ඒක වහලා ෆ්‍රිජ් එක ඇරලා බැලුවා.. එලවලු වෙනම, අනිත් ජාති වෙන වෙනම පිවෙලකට තිබ්බා.. මම ඒකෙන් බිත්තර දෙකකුයි, සොසේජස් කරල් හතරේ පැකට් එකකුයි, ලීක්ස් ගහකුයි, කැරට් අලේකුයි එළියට අරන් ෆ්‍රිජ් එක වැහුවා.. හෝඳලා නවලා තිබ්බ මිනි රයිස් කුකර් එකට කබඩ් එක ඇරලා හාල් හුන්ඩුවක් තියලා ඒක ඉදෙනකම් කැරට් ටිකයි, ලීක්ස් ටිකයි, සොසේජ් කරල් හතරයි කපාගත්තා..

වහලා තිබ්බ තාච්චිය ඇරලා ඒකේ තිබ්බ තෙල් ටික අයින් කරලා ඒක හෝඳලා ලිපෙන් තියලා තෙල් දාලා බිත්තර බුල්සායී දෙකක් දාලා ප්ලේට් එකකට අයින් කරලා එලෝලුයි, සොසේජස් ටිකයි දාලා බත් එක දාලා කලවම් කරලා පිඟනකට බෙදලා ඉවර වෙද්දි පැයක් විතර ගියා..

ඔක්කොම භාජන ටික හෝඳලා පිළිවෙලට අස් කරලා කුස්සියේ ලයිට් එකත් ඕෆ් කරලා පිඟන අරන් බුදු පහන ළඟ දාලා තියන ලයිට් එළියෙන් පඩිපෙල නැගලා දෙනුවන් මල්ලිගේ කාමරේට ගියා.. මේසේ උඩින් පිඟාන තියලා ටේබල් ලෑම්ප් එක දාපු මම දෙනුවන් මල්ලි නිදන් ඉන්න ඇඳෙන් වාඩි වුණා.. රෙද්දට උණ්ඩි වෙලා කකුල් අස්සේ අත් දෙක ඔබාගෙන දෙනුවන් මල්ලි පොඩි එකෙක් වගේ නිදාගෙන හිටියා..

මම ඒ මූණ ළඟට පාත් වෙලා ඒ කම්මුලෙන් හාදුවක් තිබ්බම එයා හිමීට ගැස්සිලා ඇස් ඇරියා..

" ම්ම්.. ම්ම්.... "

" කෝ නැඟිටින්න කාලා නිදා ගන්න.. "

NONIMI🌷✅Where stories live. Discover now