48

559 87 117
                                    

>>> 2025

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

>>> 2025


𝗗/𝗽𝗼𝘃


" Ceylon Ego විසින් 25 වන වරට සංවිදානය කරන දැවැන්ත ම Bike Racing තරගය 2025 දැන් ආරම්ඹ වෙනවා.. "

ග්‍රවුන්ඩ් එකේ බෆල් වලින් අන්වුස්මන්ට් එක දෙදරන්න ඇහෙනකොට මිනිස්සු එක සීරුවට හූ තිබ්බා.. ශාන්ගේ බලවත් ඉල්ලීම මත මම මෙතනට ආවා මිසක් මට එන්න නම් කිසිම වුවමනාවක් තිබ්බේ නෑ.. එක දෙක බයික් හිමීට ට්‍රැක් එකට දානකොට ලොකු ටී වී ස්ක්‍රීන් එකෙන් ඒ බයික් ෆෝකස් කරලා පෙන්නන්න ගත්තා..

නානාප්‍රකාර බයික් උඩ ෆුල් ෆේස් හෙල්මට් දාපු හැඩි දැඩි පිරිමි ළමයි වාඩි වෙලා එක එක වැඩ කෑලි දදා බයික් එක ට්‍රැක් එකට දාගත්තා..

අනවුස් කරන එකා පත ඉංග්‍රීසි කෑලි වලින් ටෝක් එක දීලා එක එක බයික් එකගානේ, ක්ලබ් එකේ නමයි, බයිකර් ගේ නමයි මෙන්ශන් කලා..

Number 03 : ......

Number 04 : ......

Number 05 : ......

ඒ නම් කිරීම් ළඟ එක එක බයික් එක ස්ක්‍රීන් එකට ෆෝකස් වුණා.. ප්‍රේක්ෂකාගාරේ එකම කාල ගෝට්ටියයි.. එක එක්කෙනාට කෑ ගහන්න මිනිස්සු පොරකැවා..

Number 08 : Black Forest, Biker Thunder..

ස්ක්‍රීන් එකෙන් කළුපාට ලෙදර් ජැකට් එකයි ජින් එකයි ඇදගෙන ෆුල් කළු සූට් එකට කළු පාට ෆුල් ෆේස් හෙල්මට් එක දාපු ඒ රයිඩර් ගේ ඇස් දිලිසුණා.. ඒවා නිල් පාට ඇස්.. මම ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටියා.. ඒ එක්කම නෙත්රු අයියා මහ හයියෙන් කෑ ගහන්න ගත්තා.. මුළු ඕඩියන්ස් එකම එක සීරුවට කෑ ගැහුවා..

Thunder..

Thunder..

Thunder..

NONIMI🌷✅Where stories live. Discover now